වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

November 15, 2021 at 10:00 am | lanka C news
වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇමතිවරුන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් සඳහා ඒ අනුව වෙනම නීතීඥයෙක් පෙනී සිටිනු ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් පසුගියදා රැස්ව කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

අමාත්‍ය මණ්ඩලයට එරෙහි නඩු පැවරීමේදී නීතිපතිවරයා පෙනී සිටීම සාමාන්‍ය ක්‍රමය වුවද අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥයකු ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි.

ආණ්ඩුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් දරන මතයට වඩා වෙනස් මතයක් මෙම ඇමතිවරුන් දැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉල්ලා ඇත්තේ යුගදනවි බලාගාරය කොටස් ඇමරිකාවට පැවරීම හා ගෑස් ඒකාධිකාරය එම සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

100,329 views

27 Comments to “වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..”

  1. බයියන් says:

    යහපාලනෙට ගොඩක් හොඳ වැඩ රටට කරන්න බැරිවුනේ සිරිසේන්ගෙයි රනිල්ගේ සීතල යුද්ධය නිසා. උදාහරණයක් ලෙස ටැබ් දෙන එක සිරා නැවැත්තුවා. ගුගල් බැලුන් ව්‍යාපෘතියට තරඟමාලා දුන්නේ නෑ. එම් සී සී එකට බකට් අද්දා. ගොවීන්ට පොහොර කුපන් ක්‍රමය විනාශ කළා. මෙකි නොකී සියලු බකට් ඇද්දා . රනිලා එකට තරහට සිරා ගේ ගෝලයෝ කොටි දෙකේ පගාව ගන්නකොටම අල්ලස් දුෂණ එවුන් දාලා ඇල්ලුවා. දැන් තියන් රජයේත් කණ්ඩායම් දෙකක් ඉන්නවා වගේ හැබැයි එක ටිකක් හොඳයි. මොකද එකෙක් හොරකං කරනකොට අනික ගේම ඉල්ලනවා අනිකා හොරකං කරනකොට අනිකා ගේම ඉල්ලනවා. හැබැයි උන් ගේම් ගහනවා රට වලපල්ලට යනවා.

  2. Gorilla says:

    මචං මුකුත් හිතන්න එපා ලංකාවෙම පාලනය ඔස්ට්‍රිලියාවට නැත්නම් එංගලන්තෙටම දෙනවනම් උන් මේක ලස්සනට කරල දියුණු රටක් කරල දෙයි. ඔයාල අදක්ෂයි, ඔයාල දූශිතයි, ඔයාලට අලුතින් හිතල රටට ආදායම් ගේන්න බැ. ඔයාල නීතිය, අද්‍යපනය, සෞඛ්‍ය ඔක්කොම අනාගෙන ඉන්නේ. ඔයාලගේ පරිපාලනය දුර්වලයි. ඔක්කොටම වඩා ඔයාලට ජනතාව සතපහක ගෞරවයක්වත් විශ්වාසයක් වත් නැ. ඉතින් කොහොමද ආණ්ඩු කරන්නේ? ඔක තමයි ඇත්තම කතාව.

    • චම්පන්සි පුතා. says:

      මචං. දැනට මේ රට ඇමෙරිකාවට දීලයි තියෙන්නේ. ඒකයි අවුල. ඒ අය සංවර්ධනය වෙනවා.

  3. Jagath Silva says:

    Mudalalige ithiwasikam,, mewa moda chuun

  4. Ranjith Gunawaradana says:

    By given to USA company Gas Monopoly is quite conflicts interest against of Island Economy sovereignty by Minister of Finance and Treasury of Government of Republic. Therefor Minsters voice needed be head in Court of Justice is right path of justice seek by People repertataive are correct path

    • අංකල් සෑම් says:

      ද මිනිස්ටර් ඔෆ් ෆිනෑන්ස් හැස් ටු කන්සිඩර් හිස් පපාලන්ඩ් ෆර්ස්ට් අකෝඩිං ටු ද ඕත් හී හැස් ටේකන්. දැට් රට ෆස්ට්.

  5. සවාධීන says:

    චිත්‍රපටය.:- ” යුගදනවි ”
    අධ්‍යක්ෂණය:- හොරැ රැල
    රංගනය:- පචායුදේ, ගොම්මන් පල, විග්නේෂ්වරන් ගේ මචං
    ලගදීම…..

Leave a Comment