වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

November 15, 2021 at 10:00 am | lanka C news
වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල ඇමතිවරුන් වෙනුවෙන් වෙනම පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් සඳහා ඒ අනුව වෙනම නීතීඥයෙක් පෙනී සිටිනු ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් පසුගියදා රැස්ව කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

අමාත්‍ය මණ්ඩලයට එරෙහි නඩු පැවරීමේදී නීතිපතිවරයා පෙනී සිටීම සාමාන්‍ය ක්‍රමය වුවද අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥයකු ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි.

ආණ්ඩුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් දරන මතයට වඩා වෙනස් මතයක් මෙම ඇමතිවරුන් දැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉල්ලා ඇත්තේ යුගදනවි බලාගාරය කොටස් ඇමරිකාවට පැවරීම හා ගෑස් ඒකාධිකාරය එම සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

101,411 views

27 Comments to “වාසු-විමල්-උදය ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙයි.. වෙනම නීතීඥයෙක් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ..”

  1. සාමූහික වගකීම says:

    අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම කඩකර ඇතිබව ඔප්පු වී ඇති නිසා මේ 3 දෙනාව ඇමති මණ්ඩලයෙන් ඉවත්කර නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරකියිද කියා බලාගෙන සිටිමු…

    • අන්දරේ says:

      මේ තුන්දෙනාගේ ඇමති තටු කප්පවන්න කවුද මේ ලනුව දුන්නෙ. ඇමතිකමෙන් ඉල්ලා අස්වෙලානෙ මෙහෙම ඇමතිමණ්ඩලෙර්ට එරෙහිව උසාවි යන්න පුලුවන්. කවුද මෙ උපදෙස් දෙන අන්දරේ.

      • OLU says:

        යුගදනවි බලාගාරය කොටස් ඇමරිකාවට පැවරීම හා ගෑස් ඒකාධිකාරය එම සමාගමට පැවරීමට ගෙන ඇති තීරණ වහාම හකුලා ගනු ..එයට සම්පුර්ණයෙන් අපේ විරුද්ධත්වය මෙයින් පල කරමු ..අපේ රට දිවිත්ව පුරවැසි බැසිල්ගේ පුද්ගලික බුදලයක් නොවේ …වහාම බැසිල්ව මුදල් ඇමති ධුරයෙන් ඉවත් කිරීමට ජනපති පියවර ගත යුතුයි ..සහෝදර කම් ඔබේ ගෙදර තියා ගන්න ..එය රටේ ජනතාවට අදාළ ප්‍රශ්නයක් නොවේ ..බැසිල් ව ජනතාව විශ්වාස නොකරයි ඔහු අපේ රටට පිළිලයක් ..මහින්ද මහතා .ජන්දෙන් පැරදුන අවස්ථාවේ ඔහු 2015 බෑගයක් අරන් රටින් පැනලා ගිය අන්දමටම අපේ රට විනාශ කරලා ඇමරිකාවට පැනලා යයි ජනපති තුමාගේ පවුලේ සමගිය සදහා අපේ රට විදේශිකයින්ට බිලි නොදෙන්න මේ සිංහලයා සතු එකම මාතෘ භූමියයි
        වාසු-විමල්-උදයට ජයවේවා!!

        • කැපුවත් පොහොට්ටුවට says:

          OLU අනෙ පලයන් මෝඩ ජෙප්පො යන්න. ජනපතිතුමාට උපදෙස් දෙන්න උබ කවුද?

          • OLU says:

            මේ මගේ මව් බිම ,ජනපතිතුමා, පත්කළේ අපේ රටේ ජනතාව නිසා අපට ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමට අයිතියක් වගකීමක් තියනවා .. පොහොට්ටුවේ වහලෙක් වූ උබ ගැන අපට නම් ඇත්තේ පිළිකුලක් ..ලැජ්ජා වෙයන් දේශපාලුවන්ට කඩේ යෑම ගැන

          • cobra says:

            කුරහන් සාටකේ මුළු රටම විකුණනවා ,රටම ණය බරින් ,තාමත් පොහොට්ටුවට කඩේ යන පිස්සු බත්බැලයෝ සිටින වනේ ..රටක් දියුණු වේවිද ?

      • Sahan says:

        වෙන කවුද ෆොහොට්ටුවේ ලොක්කො තමා. බයියෝ චුන් කරන්න පුළුවන් ආතල් මේවා

    • සිරිමල් උයනෙ - යාය 7 රාජන්ගනේ BOC චාමරය says:

      අද මුලු ගම්පහ සිරිමල් උයනේ හැම එකාටම මගේ ගොන්කම , කපටි කම , බලු කම දැනිල තියෙන්නේ.

  2. maddumaraala says:

    මුන් මේවා මහින්දයත් එක්ක කතාකරගෙන කරන්නේ ගොන් බයියන්ව අන්දවන්න. ඊට පස්සේ සර් සංවේදී වුනා කියල අකුලා ගන්නවා. මුන් වගේ තක්කඩි පවුලක්.

    • saman says:

      exactly..! දැන් ඉතින් ඕවට මිනිස්සු අන්දන්න බෑ මහත්තයෝ.. ලබන සැරේ මුන් එකෙක්ටවත් ඇපත් නෑ..

      • තට්ටමෑන් says:

        ඒක ඇත්ත. මිනිස්සු දැන් බුද්ධිමත් මේ නාටකවලට රැවටෙන්නෙ නෑ.

    • harsha says:

      විදෙස් රටක් සමග ගහපු ගිවිසුමක් ලේසියෙන් අවලංගු කරන්න බෑ. බොහෝ විට වන්දි ගෙවන්න වෙයි.

  3. Hiranthe says:

    දිනේෂ් ගුණවර්ධන තවමත් වලිගේ වනමින් ඉන්නව

  4. Hiranthe says:

    Good luck to Mother Lanka. Thank you Wimal, Wasu and Udaya.

  5. kiribatha says:

    purpose of these three stooges is to stop people getting rallied around SF, Champika, or Sajith. Wasu-WImal-Udaya are the real hypocrites. I still prefer Gota than these misleading politicians.

  6. JVP Comment Team says:

    මෙම තුන් දෙනා ඇමෙරිකානු ගිවිසුමට විරුද්ධ නිසා වහාම ආණ්ඩුවෙන් ඉවත්කළ යුතුයි.

  7. Gon athal says:

    Yakooo… Pada Drama… 🤣🤣🤣🤣😅😅😅

  8. Aurora says:

    කැබිනට් ඇමතිවරු තිදෙනෙක් අධිකරණයට කිව්වම කැබිනට් එකේ අනුමැතිය විධිමත්ව මේ පාවාදීමේ ගිවිසුමට ලැබුණේ නැහැ කියල ගෝටයිම්බර සහ 10% ඩබල අවුලට යනවා. මුන්ගේ ඇමෙරිකාවේ ඉන්න නෑයන්ගේ විය යුතුයි නිව් පෝට්‍රස් එනර්ජි සමගම. මේ ගිවිසුම ගහගත්තම පරම්පරා ගනකටම හොද්ද බොරයි.

  9. 0.00069 BIYYO says:

    මුන් මේවා මහින්දයත් ,ගෝටයිම්බරයත් එක්ක කතාකරගෙන කරන්නේ ගොන් බයියන්ව අන්දවන්න. ඊට පස්සේ සර් සංවේදී වුනා කියල අකුලා ගන්නවා. මුන් වගේ තක්කඩි පවුලක්. 🤣🤣🤣🤣😅😅😅

  10. ගෝටයිම්බර says:

    පේන හැටියට ඇතුලේ කණ්ඩායම් දෙකක් ඉන්නවා එක කණ්ඩායමක් කරන වැඩ අනිත් කණ්ඩායම කඩාකප්පල කරනවා තරඟෙට. යුගදනවී සහ චීන පොහොර වල දී මේක හොඳට පේනවා. එක කණ්ඩායමක් පොහොර ගේන්න ඔඩරේ දෙනවා අනික් උන් පනුවෝ ඉන්නවා කියලා රට ඇතුලට ගන්න දෙන්නේ නෑ. අනිත් කණ්ඩායමේ එකෙක් යුගදනවී ඇමරිකාවට දෙනවා අනික් උන් ඒකට ගේම ඉල්ලනවා. කණ්ඩායම් නායකයෝ දෙන්නා තමයි තාම හිතාහන්න බැරි.

Main News