වාසු-විමල්-උදය ඇමති ධුරවලින් නෙරපන්න සාකච්චා..

October 31, 2021 at 9:20 am | lanka C news
වාසු-විමල්-උදය ඇමති ධුරවලින් නෙරපන්න සාකච්චා..

කැබිනට් සාමුහිකත්වය බිදිමින් කැබිනට් තීරණයක් ප්‍රසිද්ධියේ විවේචනය කළ ඇමතිවරුන් එම ධුරයන් ගෙන ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු සාකච්ඡාවක් පවත්වමින් සිටියි.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් තීන්දුවක් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම යන චෝදනාව මත ඔවුන් ඉවත් කළ යුතු බවට ඔවුන් අතර සාකච්ඡා වෙමින් තිබේ.

ජනාධිපතිවරයා දැනට නිරත වන යුරෝපා සංචාරය නිමවා මෙරට මෙරටට පැමිණි පසු මේ සම්බන්ධයෙන් ඔහු වෙත කරුණු ඉදිරිපත් කිරීමට මෙම මන්ත්‍රී පිරිස සූදානම් වෙමින් සිටී.

ඊට පෙරාතුව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමගද මේ සම්බන්ධයෙන් සාකච්චා කරනු ඇත.

දැනටමත් පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ ආණ්ඩුව විවේචනය නොකර ඇමතිධුර අතහැර ඕනෑම දෙයක් සමාජය හමුවේ පවසන ලෙසයි.

ඇමෙරිකානු සමාගමකට මෙරට LNG සැපයුම් ඒකාධිකාරිය පැවරීමේ ක්‍රියාවලියට එරෙහිව මහජන මන්ත්‍රණ සභාව පිටකෝට්ටේදී 29 දිනයේ කැදවන ලද්දේ ආණ්ඩුවේ පක්‍ෂ 11ක සහභාගීත්වයෙනි.

75,061 views

31 Comments to “වාසු-විමල්-උදය ඇමති ධුරවලින් නෙරපන්න සාකච්චා..”

  1. sunimal says:

    පොහොට්ටුවට අබසරණයි

  2. Upasaka says:

    Pohottu Yhopi okkoma makabe wewa api chande deela duk windinawa thope ammala ….

  3. Power says:

    එහෙම වෙනවා නම් මම නම් හරි කැමතියි. ඇමතිධූර විතරක් නෙමෙයි. පරවුණු පොහොට්ටුවෙන්ම නෙරපලා දානවා නම්, මම තවත් කැමතියි. මේ රූකඩ ආණ්ඩුවේ ඉදගෙනම ආණ්ඩුවේ උන්ගෙ කුණු කතා අසමින් ආණ්ඩුවේ ක්‍රියා පිළිිවෙත විවේචනය කර කර ඉන්නවට වඩා කොන්ද පණ ඇතිව ආණ්ඩුවෙන් එළියට බැහැලා ආණ්ඩුවට විරෝධය දක්වන එක නම්බුකාරයි. එහෙම නොවී මෙහෙම කරන්න ගියාම රටේ මිනිස්සු බහුතරයක් පවා හිතන්නෙ, මේකත් මුන්ගෙ තවත් එක්තර විදිහක නාට්‍ය ජවනිකාවක් කියලයි. දැක්කනේ 2015 අපේ සිරී මාමී මහින්ද මහත්තයට කරපු දේ. දෙනවා නම්, අන්න එහෙම ආණ්ඩුවේ බොකු බඩවැල් ඇඹරිලාම යන විදිහේ ෂොට් එකක් දෙන්න ඕනී. මුන්ට බය වෙලා හිටියොත් නම් ඒ වැඩේ කොරන්න බෑ.

    • Pasku 21 says:

      Aprel 21 boku badawal abarila giye needa?

      • Power says:

        ඔව්..අප්‍රේල් 21 සිරී මාමිගේ ආණ්ඩුවේ බොකු බඩවැල් ඇඹරිලා ගියා. දැන් ඒවා කරේ කවුද කින්ද මන්ද කියලා හොයනවා කියලා පොරොන්දු දීගෙන ආපූ මේ අයගේ බොකු බඩවැල් ඇඹරමින් තියනවා. ඒකට හේතුව අප්‍රේල් 21 ප්‍රහාරය මේ අයට බලය ගන්න ජීවිත බිලිදෙමින් කරපු උප්පරවැට්ටියක් කියලා ජනතාව අතර මතයක් ඇති වෙමින් තිබීම. එ⁣තකොට හිතහංකෝ කාගෙද ආයම බොකු බඩවැල් ඇඹරිලා යන්නෙ කියලා. 😂

        • Gehan K Jayawardene says:

          මොකා කලත් ඒක කරන්න ඉඩ දීලා බලාගෙන හිටපු එකාගෙ නම් බොකු බඩවැල් එලියට ගන්න ඕනෙ

  4. Shan says:

    Good, should get rid of theses losers

  5. '''හැරවුම් ලකෂයේ තුන්මංසංධිය,..! says:

    ”මාත්‍රෘාභුමිය විඡයග්‍රහණයේ මාවතට….
    මාත්‍රෘෘභුමියට නියත ඡය,.!

    • Gehan K Jayawardene says:

      රටට කෙලවෙනකොට මේ තප්පුලන්නේ ජෙප්පෙක්

  6. මේවා නරි නාටක. මේවා අස්සේ කාටත් හොරෙන්ම අර චීන අසූචි නැව ලංකාවට සැපත් වේවි. ඉන්ධන, කිරිපිටි,හාල්, සීනි, පරිප්පු, ගෑස් තවත් ගනං යාවි. මිනිස්සු පොහොට්ටුවේ කචල් කිය කියා බලා ඉදීවි. ගම්මන්පිල තෙල් මිල වැඩිකලා කියලත් මෙහෙම නාඩගමක් නැටුවා. දැන් ඔය යහතින් ඉන්නෙ එහෙම එකක් උනේ නෑ වගේ. අවසානෙ මේ නටකේටත් වෙන්නෙ ඕකම තමා.

  7. පොහොට්ටු හරක් says:

    අම්මෝ ආණ්ඩුව ඉවරයි. අපිත් මේ තුන්දෙනා එක්කම ඉවත් වෙලා 2024 දී ආයෙම එකතු වෙනවා. අපි කන පුන්නක්කු තවම පරණ මිලටමයි.

  8. 0.069 min biyyo says:

    මේවා නරි නාටක.
    මේවා අස්සේ කාටත් හොරෙන්ම අර චීන අසූචි නැව ලංකාවට සැපත් වේවි. ඉන්ධන, කිරිපිටි,හාල්, සීනි, පරිප්පු, ගෑස් තවත් ගනං යාවි. මිනිස්සු පොහොට්ටුවේ කචල් කිය කියා බලා ඉදීවි. ගම්මන්පිල තෙල් මිල වැඩිකලා කියලත් මෙහෙම නාඩගමක් නැටුවා. දැන් ඔය යහතින් ඉන්නෙ එහෙම එකක් උනේ නෑ වගේ. අවසානෙ මේ නටකේටත් වෙන්නෙ ඕකම තමා.
    අම්මෝ ආණ්ඩුව ඉවරයි. අපිත් මේ තුන්දෙනා එක්කම ඉවත් වෙලා 2024 දී ආයෙම එකතු වෙනවා. අපි කන පුන්නක්කු තවම පරණ මිලටමයි.

    • Amda says:

      අලුත් ලොට් එකක් මඟ එනවා උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො හොඳයි කියන උන්ට කන්න