වාසු-විමල්-ගම්මන්පිලට කැබිනෙට්ටුවේදී බැණුම්..

August 24, 2021 at 11:20 am | lanka C news
වාසු-විමල්-ගම්මන්පිලට කැබිනෙට්ටුවේදී බැණුම්..

කොවිඩ් පාලනය කිරීම සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපියට අත්සන් කළ ඇමතිවරුන් තිදෙනාගේ ක්‍රියා ක්‍රියාකලාපය ඊයේ (23) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේ දී ද දැඩි විවේචනයට ලක්වී ඇත .

ඇමතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන ,එස් එම් චන්ද්‍රසේන සහ ඩග්ලස් දේවානන්ද යන ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී මේ විවේචනය කර ඇතැයි වාර්තා වේ .

කැබිනට් රැස්වීමේ දී විවෘත ව අදහස් ඉදිරිපත් නොකර, එළියට ගොස් ලිපි ලියා ජනාධිපතිවරයාට යැවීම කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ කිරීමක් බව ද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත.

කොවිඩ් පාලනය සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය සතියේ ලිපියක් යැවූ අතර, කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද ඊට අත්සන් කළහ .

– lankadeepa

96,220 views

27 Comments to “වාසු-විමල්-ගම්මන්පිලට කැබිනෙට්ටුවේදී බැණුම්..”

  1. 69 බයියන් says:

    අහෝ…. අහෝ……. අහෝ…..

  2. 3% ට බය බයියා. says:

    පස්සේ සංවේදී වෙයි .

  3. SUMUDU says:

    බැණුම් ඇහුවත් කළේ හරි දේ .

  4. tdsolo says:

    යකෝ පිංගුත්තර හොරා කන හැත්තගෙන් කුණු බැනුම් අහන්නේ මගුලටද?වැඩ කරලා පෙන්නන එවුන් ඉස්සරහට මිසක් යටින් වැඩ කරලා වැඩක් නෑ.කාගේ හරි ලණුවක් කාලා……

  5. MD says:

    විමල් ගම්මන්පිල 69 ට දැක්වූ දායකත්වය අතිවිශිෂ්ටයි.නමුත් මේ කැබිනට් ඇමතිවරු.නිකන් ජෙප්පන් හෝ ප්ලැකනිල් කල්ලියේ මෝඩ චූන් කාරයින් නෙවෙයිනේ.බරපතල වරදක්.හොඳට හොඳයි නරකට නරකයි කියමි.දැඩි දඩුවම් පැමිණිය යුතුය.කනගාටුයි කරන්න දෙයක් නැ

  6. මාක්ස්වාදී ජෙප්පා says:

    කොච්චර බැන්නත් සාටකේ එල්ලිල ඉන්නව ඇර වෙන විකල්පයක් නෑ තනියම චන්දෙ ඉල්ලුවොත් ඇපත් නෑ.

  7. බැන්න....කාටද කොහේදිද....මට ඇහූණෙ නෑ..... says:

    මට ඇහූණෙ නෑ. බැන්න… කාටද? කොහේදිද? මට ඇහූණෙ නෑ. කැබිනට් එකේදි බැන්නලූ. හෙහ්. හෙහ්….කූස්සියෙ කසූ. කූසූ. පත්තරේට දැම්මේ කොයි ගොනාද? සාමූහික වගකීම…..ගොන් රෑනක් වෙල් යායක් හූකා අනී. මින් එක් ගොනෙක් යියක් නැතූව වනා අනී…යියක් ඇති ගොනා වැස්සන්ට බැට දූනී….වියත් නැති කමත් කැබිනට් ගොනා වැනී…..හෙහ්…හෙහ්…

  8. ජරා බෝයි says:

    ඉක්මනට පුච්චලා දාන්න. මොචරියෙන් නැගිටලා එයි, මංගල ඒ ජාතියේ මිනිහෙක්

  9. banda says:

    විමල් ඇමතිතුමා බය නැතිව බහින්න එලියට අපි හදමු අලුත් බලවේගයක් .වැඩ කරන අයගේ බලවේගයක් 69 වැඩි කොටසක් ඔබ සමග ඉන්නවා .එදා ඔබයි ගම්මම්පිල අමතිතුමයි .නොසිටින්න ඔය කෑගහන රට හැරගිය කොමිස්වලට කෑදර පුද්ගලයෝ අද හොයන්නත් නැති වෙයි .ඊළඟ ජන්දයේදී මෙ අයටත් UNP එකට වෙච්ච දේටත් වඩා පාඩමක් ජනතාව උගන්වයි .

  10. lakshitha says:

    පැහැදිලිවම ගෝටාභය පාලනයට එරෙහිව අභ්‍යන්තරයෙන් ක්රියත්මකව සිදුකරගෙන යන බලලෝභිත්වය පදනම් කරගත් කුහක ක්‍රියාදාමයක උච්ච අවස්තාවක් නේද මේක. සාමාන්‍ය කතාවට කියනවා නම් කකුලෙන් ඇදීමක්. මෙහි සබැ නියමුවා වන්නේ කව්දැයි සොයා බැලීම ගොටාභයට මෙන්ම බැසිල්ටත් ප්‍රයෝජනවත්වේ. අවස්තාවාදින්ට පාඩමක් ඉගැන්විය යුතුමය. ජනාධිපති තුමනි දුර පමණක් නොව ළඟ ත් බලන්න.

Main News