වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..

November 21, 2021 at 10:02 pm | lanka C news
වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..

මෙරට මහා මාර්ගයන්හි ගමන් ගන්නා වාහන වල අනිවාර්යෙන්ම තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

එක් වාහනයක තනි පුද්ගලයා බැගින් ගමන් කිරීමේදි විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහන වලට වියදම් කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.

වසරකට මෙරටට ඉන්ධන ගෙන්වීමට ඩොලර් බිලියන 7 ක මුදලක් වැය කරන බව ද කීය ඔහු එනිසා අත්‍යවශ්‍ය කාරණා වලට පමණක් වාහන භාවිතා කර සියලු දෙනාම අරපිරිමැස්මෙන් ඉන්ධන භාවිතයට හුරුවිය යුතු බවද පැවසීය.

තම වාහනය පාරට දැමීමට පෙර දෙවතාවක් කල්පනා කර බලන්න ඇයි ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මසකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක් පමණ සොයා ගැනීම සඳහා ලෝ වටා රටවල් වලට ණය වෙමින් සිටින බවත් ඔහු කීය.

දැනටමත් ශ්‍රී ලංකාව භයානක තත්වයකට පැමිණ ඇති බවත් ඉදිරි අනාගතයේ දී මීටත් වඩා දරුණු තැනකට පත් වුණු ඇතැයිද පැවසූ අමාත්‍යවරයා සියලු දෙනා තම නිවසේ පෝච්චියක හෝ කෑමට යමක් සිටුවා ගැනීමට වඩා සුදුසු බවද කියා සිටියේය.

133,153 views

54 Comments to “වාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා.. ඉන්ධන අර්බුදය දරුණුම තැන… ශ‍්‍රී ලංකාව භයානක අඩියට..”

  1. කුරුං ගුරුං says:

    තොපි කාලකන්නි හැත්ත ලැජ්ජා නැද්ද යකෝ
    උබලා මාරුවෙන් මාරුවට රටේ කලේ ගසා කාපු එක විතරයි.
    රටේ ජනතාවට හරිහමන් පොදු. ප්‍රවාහන සේවා දීලා තියෙනවා ද උබලා.
    පාරට බැහැලා බලපං මිනිස්සු කොච්චර දුක් විඳින වද කියලා ප්‍රවාහන පහසුකම් නැතිව.

    ලොරිබොඩි බස් ලදරං කෝච්චි ගමනක් යන්න ගියාම නාකි වෙනවා.

    පොදු ප්‍රවාහනෙට උබල කරපු කෙන්ගෙඩියක් නෑ බං මේ රටේ
    ඒ ගැන කතාකරන්න උබලට අයිතියක් නෑ.

    උබල ඉස්සෙල්ලම බස් එකේ ඇවිත් පෙන්නපං

    එතකොට මිනිස්සු කැමති වෙයි.

  2. Sasrasi says:

    වරෙන්කෝ උඹට චන්දෙ දෙන්න ..

  3. saman says:

    හැමෝටම ආරක්ෂකයෝ දෙන්නා (2) ගනේ දීපියවු. එතකොට හැම වාහනයකම 4 දෙනෙක් යනවා.

  4. Sirimal says:

    The law should be equal to all. President Prime Minister who are using public funds to purchase fuel should take people on the road side if you propose to others using their personal funds for petrol. Also who is responsible if you are robbed or high jacked by letting unknown characters into you vehicle.

  5. පොරමෝලා says:

    මේ කොරෝනා කාලෙ අඳුන්නෙ නැති ඈයො වාහනේ දාගෙන යන්නෙ කොහොමද ?මූට පිස්සුද කොහෙද

  6. Athula says:

    This undermines peoples precautions against Corona with the risk of increased unwanted exposure.

  7. SARASI says:

    උඹලා ඉස්සෙල්ලා බයිසිකල් වල පලයල්ලා මහජනයා ට ආදර්ශයක් වෙන්න ත් එක්ක

  8. SARASI says:

    උඹලා ඉස්සෙල්ලා බයිසිකල් වල පලයල්ලා මහජනයා ට ආදර්ශයක් වෙන්න ත් එක්ක

Leave a Comment