වාහනයක හැපී පාපැදිකරුවෙක් මරුට.. ප්‍රදේශවාසීන් රියදුරුට ගස් බැද පහරදෙති…

December 5, 2021 at 4:40 pm | lanka C news
වාහනයක හැපී පාපැදිකරුවෙක් මරුට.. ප්‍රදේශවාසීන් රියදුරුට ගස් බැද පහරදෙති…

යාපනය මාණිප්පායි පොලිස් වසමේ උරුම්පිරායි මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේම මිය යාමෙන් ප්‍රදේශවාසීන් අතර ඇතිවූ නොසන්සුතාවය පාලනය කල බවට පොලීසිය පැවසීය.

උරුම්පිරායි මාණිප්පායි මාර්ගයේ ගමනගත් පාපැදිකරුවෙකු වෑන් රථයක ගැටීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේම මිය යාමෙන් අනතුරුව ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් වෑන් රථයේ රියදුරාට පහරදීමට උත්සහ දරා ඇත.

අනතුරුව වෑන් රථය නොනවත්වා ධාවනය කිරීමේදී එය ලුහුබැඳ ගිය පිරිසක් විසින් රියදුරු අල්ලා පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පිරිසක් අදාල ස්තානය ගොස් ඇත.

පොලීසිය එම ස්ථානයට යන අවස්ථාව්දී වෑන් රථයේ රියදුරු අල්ලා බැඳ තිබූ ප්‍රදේශවාසීන් විසින් රියදුරුට පහරදීමට උත්සහ ගැනීමේදී පොලීසිය විසින් ප්‍රදේශවාසීන් පාලනය කොට වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන වෑන් රථයද පොලිස් භාරයට ගනු ලැබීය.

මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ උරුම්පිරායි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගුණසිංහම් සුදන් නැමත්තෙකු බවට පරික්ෂණ සිදුකරන මාණිප්පායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,323 views

One Comment to “වාහනයක හැපී පාපැදිකරුවෙක් මරුට.. ප්‍රදේශවාසීන් රියදුරුට ගස් බැද පහරදෙති…”

  1. David Milli-banda says:

    Excellent work people. Its time for the people to take matters to their own hands to discipline reckless behaviour.

Main News