වාහනයේ අංකය අනුව ඉන්ධන.. යෝජිත සලාක ක‍්‍රමය මෙන්න..

June 19, 2022 at 9:20 am | lanka C news
වාහනයේ අංකය අනුව ඉන්ධන.. යෝජිත සලාක ක‍්‍රමය මෙන්න..

ඉන්ධන ලබා දීමේදී වාහනයේ අංකය අනුව මාසයකට හෝ සතියකට දිනයක් පමණක් ඉන්දන ලබා දීම සදහා වැඩපිළිවෙලක් යෝජනා වී තිබේ.

සීමිත ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා මූලිකව කළමනාකරණය කර ගැනීම මෙහි අරමුණ වී ඇත.

එහිදී පෞද්ගලික බස් රථ, පාසල් සිසු ප‍්‍රවාහන රථ, කාර්යාල කාර්ය මණ්ඩල නිලධාරීන්, බහාලුම් ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්ධන බෙදාහැරිම තීරණය කර ඇත.

සෙසු වාහන සදහා මාසිකව නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමටද නියමිතය.

117,427 views

35 Comments to “වාහනයේ අංකය අනුව ඉන්ධන.. යෝජිත සලාක ක‍්‍රමය මෙන්න..”

  1. Hesh says:

    හොද යෝජනාවක්. කරුනාකරලා හොරට විකුනන පෙට්‍රල් ගහගන්න එපා. පෙට්‍රල් හිගය උග්‍ර උනේ පෙට්‍රල් හොරට තියාගෙන ඉන්න නිසා. තමනුත් හොරකම් වලට දායක වෙලා හොරු පතුරු ගහලා වැඩක් නෑ.

  2. ත්‍රිවීලර් සමාජයෙ says:

    රජයෙ සේවකයන් ට තෙල් දීල ඕනේ කෙනෙක් ට දෙන්න තවද ත්‍රිවීලර් චන්ද්ද ලක්ෂ 10ක් තියන නිසා ත්‍රිවීලර් වලටත් දෙන්න

  3. PrinceCharles says:

    This is more practical solution during this global crisis period

  4. Ranil says:

    Yako private gihinut ubalata ahinsala minisuntane behet kqranne , 69 puka dila Dan enawa ahinsaka dostaralat chodana karanna.

    • DH says:

      ඉතින් තොපි කියන්න එපැයි සජිත් ගාව ඩොලර් මැශිමක් තියෙනවා කියලා.

  5. ගජමෑන් says:

    මොන ක්‍රමයක් ගෙනාවත් වැඩක් නැහැ කාර් ඇර සෑම වහනයකින්ම තෙල අදිනවා .පාතාල කල්ලි අලුත් බිස්නස් එක. මොන අර්බුදය ආවත් දුශනය එතනට සෙට් වෙනවා. කාර් වලින් බට දාලා අදින්න බැරි නිසා අනාතයි.

  6. aattar says:

    රටක් නෙවෙයි මරණාධාර සමිතියක් වත් පාලනය කරගන්න බැරි මිනිස්සු පත් කරගෙන අපි විඳින දුකක්.
    එක පාරක් ග්‍රාමයෙක් ගෙන්නං කෑව.
    දැන් ලේකම් කෙනෙක් ගෙන්නං ඉල්ලං කනව.

  7. sunimal says:

    මේ පාලනය අංගොඩ ඉන්න අයට බාර දුන්නානම් මිට වඩා රටට දෙයක් කරයි.

  8. Jayantha says:

    මේක තමා වෙන්න ඔන. එතකොට එහෙන් මෙහෙන් ලියුම් අරන් විකාර කරන්න ඔන නෑනේ.

  9. Ajith says:

    කවුද මේ මෝඩ ක්‍රම යෝජනා කරන්නේ? හැම කෙනෙකුටම කරදරයක් නැතිව හොරට තෙල් විකුනන්න බලකරන තීරණයක්. කවුද? කෙසේද? මාසිකව මිලට ගන්න පුළුවන් වෙන ඉන්දන ලීටර් ප්‍රමානයේ සීමා පනවන්නේ?
    හොර වාහන අංක නැතිම රටක් ද ලංකාව?
    මේ අවස්ථාවේ හෝ ආගමික හෝ පාසැල් හෝ වෙනත් අධ්‍යාපනය ක්‍රම මගින් සදාචාර සම්පන්න ජනතාවක් ඇතිකරන්න උත්සහ කරන්න.

  10. Jayaponsu says:

    අත්‍යාවශ්‍ය සේවා සහ පෞද්ගලික සේවකයන්ට ප්‍රමුඛත්වය දිය යුතු. ඔවුන් අර්බුදයෙන් මිදීමට බොහෝ දේ කරති .රජයේ සේවකයන්ට ප්‍රමුඛතා දෙන්න එකඟ වෙන්න බෑ 🙄👏

    • SL says:

      දොස්තරලට හැර රාජ්‍ය සේවකයින්ට විශේෂ සැලකිලි ඕනේ නැහැ. ලංගම බස් රථ කිහිපයකින් ප්‍රවාහනය කරන්න.මේක මල කෙලියක් නේ , හැම රජයේ සේවකයෙක්ම උන්ට නිකන් හිටියත් පඩි ලැබෙන බව දන්නා නිසා. හැම රෙද්දකටම විරෝධතා .

      අංක තහඩුව අනුව මාසෙකට පෙට්රෝල් හෝ ඩීසල් නිශ්චිත ප්‍රමාණයක් දෙන්න. රස්සාවට හරි දුර ඈත යනවා නම් පොදු ප්‍රවාහනය පාව්හිචි කරන්න .පොදු ප්‍රවාහන පහසුකම් හැකි ඉක්මනින් දියුණු කරන්න අවශ්‍ය නීති දාන්න..