වාහනයේ හප්පා ගවයින් 18 ක් මරා දමයි..

July 12, 2020 at 12:40 pm | lanka C news
වාහනයේ හප්පා ගවයින් 18 ක් මරා දමයි..

මුලතිව් පරන්තන් ඒ-35 ප්‍රධාන මාර්ගයේ වෙලික්කණ්ඩල් මන්සන්ධියේදී ටිපර් රථයක ගැටුනු ගවයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.

වෙලික්කණ්ඩල් ප්‍රදේශයේදි වැල් පටවාගත් ටිපර් රථයක් අධික වේගයෙන් ධාවනය කොට ඇති අතර එහිදී මාර්ගයේ සිටි ගවයින් බේරා ටිපර් රථය ධාවනය කිරීම වෙනුවට ටිපර් රථයේ රියදුරු විසින් ටිපර් රථය අධික වේගයකින් ධාවනය කොට ගවයින් අනතුරට ලක් කොට පලා ගිය බවට ප්‍රදේශවාසීන් පැවසූහ.

එම අනතුරින් ගවයින් 18 දෙනෙකුම එම ස්ථානයේ මිය ගොස් ඇති අතර ටිපර් රථයේ රියදුරු පිළිබඳව ගවයින්ගේ හිමිකරු විසින් කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

410 views
Main News