වාහනය ප‍්‍රපාතයකට පෙරලේ.. ප‍්‍රවීණ රංගණ ශිල්පිනිය මිය යයි…[Photos]

July 31, 2021 at 7:54 am | lanka C news
වාහනය ප‍්‍රපාතයකට පෙරලේ.. ප‍්‍රවීණ රංගණ ශිල්පිනිය මිය යයි…[Photos]

ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වැන් රථය ප්‍රපාතයට පෙරලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

(31) දින අලුයම 12.10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල නගරය ආසන්නයේදිය.

රූගත කිරිම් අවසන් කර රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියව නුවරඑලිය සිට කොළඹ දක්වා රැගෙන යන අතරතුර වැන් රථය ලිදුල නගරය ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 පමණ ප්‍රපාතයෙන් වු කොත්මලාඔය දෙසට පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

අනතුර සිදුවිමත් සමග ලිදුල පොලිසියේ නිලධාරින් රිය අනතුර සිදු වු ස්ථානයට ගොස් රංගන ශිල්පිනිය රෝහල් ගත කරනවිට ඇය ජිවිතක්ෂයට පත් ව සිටි බවයි පොලිසිය කියා සිටියේ.

වැන් රථයේ රියදුරාට කිසිදු තුවාලයක් සිදු වි නොමැති අතර , වැන් රථයේ රියදුරාව ලිදුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්, අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් මිය ගිය නිලියගේ සිරුර ලිදුල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර , සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

110,410 views

15 Comments to “වාහනය ප‍්‍රපාතයකට පෙරලේ.. ප‍්‍රවීණ රංගණ ශිල්පිනිය මිය යයි…[Photos]”

  1. කසුන් says:

    හරිම හිත හොඳ කලාකාරිණියක්… දැන් ඉන්න නවක තරුණ නිළියන්ට හොඳ ආදර්ශයක් ගන්න පුළුවනි මෙතුමිය වාගේ කලාකාරිණියන්ගෙන්… බොහොම කණගාටුවක් හිතට දැනුනා මේ අවාසනාවන්ත පුවත දැක්කහම… ඔබතුමියගේ ආධ්‍යාත්මයට විමුක්තිය ලැබේවා මැතිණියනි…

  2. aniwa says:

    කරුණාකර ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මයේ අබමල් රේණුවක් වත් දන්නවානම්.
    නිවන් සැප ලැබේවා යයි නොකියන්න.

    නිවන යනු කුමක් දැයි නොදන්නේ නම් ඔබ බෞද්ධයෙක් නොම වෙයි.

Main News