වාහන අවභාවිතා අතේ මාට්ටු.. ලොක්කාගේ ගෙදර වැඩට රජයේ වාහන..
February 3, 2017 at 7:06 am | lanka C news
කල්බදු ක්‍රමය යටතේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ මුදලින් මසකට රු ලක්ෂ 2.5ක් පමණ ගෙවා අති නවීන නිසාන් මෝටර් රථයක් ගුවන්සේවා අධිකාරියේ ඉහලම නිලධාරියෙකුගේ පාවිච්චියට පසුගියදා ලබාගත්තේය.
නමුත් එම රථය ආයතනයේ තිබියදී අධිකාරියේ ජීප් රථයක් ඇතුළු තවත් වාහන කිහිපයක් කාර්යාල රියදුරන්ද සමග අදාල නිලධාරියාගේ නිවසේ වැඩ සඳහන් දිනපතා පිටත් කොට හරින බව අධිකාරියේ සේවකයින් පවසයි.
මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත්කරන ලද විගණන විමසුම්ද කිහිපයක් පවතින නමුත් අදාල නිලධාරියා බලය යොදවමින් පුද්ගලික වැඩ සඳහා තමාට හිමි රථය හැර ආයතනික වාහන අවභාවිතයේ යෙදවීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම්වරයා වහාම මැදිහත් වී කටයුතු කළ යුතු බව අධිකාරී සේවකයින් පවසයි.