වාහන ආනයනට යලි අවසර.. ක‍්‍රමවේදය මෙන්න.. අහසට ගිය මිල බහීවි..

September 28, 2021 at 9:20 am | lanka C news
වාහන ආනයනට යලි අවසර.. ක‍්‍රමවේදය මෙන්න.. අහසට ගිය මිල බහීවි..

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනයට අවසර දීමට අවධානය යොමුව තිබෙන බවයි.

නමුත් ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යනය කරන බවත් රටතුල ඩොලර් සංචිත සම්බන්ධයෙන් දැනට ගැටලුවක් ඇත නිසා සාමාන්‍ය පරිදි වාහන ආනයනය සඳහා අද හෙටම අවසර දීමට හැකියාවක් නැති බවද ඔහු පැවසීය.

නමුත් පවතින සාධක අධ්‍යනය කිරීමෙන් පසු ඒ ගැන ඉදිරියේ දී කරැණු සලකා බැලීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

බොහෝ දුරට ඒ ගැන සලකා බැලීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටී.

කෙටි කලක දී රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තමන් දැනටමත් ආරම්භ කර ඇති බවද පැවසූ එම ගමනේ දී සමහරුන්ට සතුටු විය නොහැකි තීන්දුවලට පවා යාමට සිදුවන බවද කියා සිටියේය.

මේ සම්බන්දයෙන් අප වෙත අදහස් පල කල වාහන ආනයනකරුවෙකු කියා සිටියේ කුමන ආකාරයෙන් හෝ වාහන ආනයන ආරම්භ කලහොත් දැනට දේශීය වෙලදපලේ විශාල වශයෙන් ඉහල දමා ඇති වාහන මිල පහල යනු ඇති බවයි.

180,489 views

18 Comments to “වාහන ආනයනට යලි අවසර.. ක‍්‍රමවේදය මෙන්න.. අහසට ගිය මිල බහීවි..”

  1. baමුනා says:

    කබ්‍රාල්ලයි මොල හතයි මොන ගොන්නුද​?. අපිට ගෙදරදිම ඩොලර් ටිකක් හදන් එන්නම්කො වාහනයක් ගන්න​… නය අරන් ජොගිනටල රට කාන උන් අපිට කියන විසදුම්..

  2. Chamara says:

    මට නම් මේකෙන් රටට වෙන යහපතක් නම් පෙන්නෙ නැහැ.කොහොමත් ලන්කවට ගෙන්නෙ මෙහෙ ඉන්න ව්යාපාරිකයොයි , පිටරට රැකියා කරන අයයි.ඒ මිනිස්සු ඒ වලින් වාහන ගෙන්නන්න ගියාම නැවතත්
    ටික පිටරටට යනව.

  3. Chamara says:

    මට නම් මේකෙන් රටට වෙන යහපතක් නම් පෙන්නෙ නැහැ.කොහොමත් ලන්කවට dollars ගෙන්නෙ මෙහෙ ඉන්න ව්යාපාරිකයොයි , පිටරට රැකියා කරන අයයි.ඒ මිනිස්සු ඒ dollars වලින් වාහන ගෙන්නන්න ගියාම නැවතත් dollars ටික පිටරටට යනව.

  4. ගෞම් ඊයාරාජ් says:

    ගොං බෛයො තරහා වෙන්නැත්තං පාදෙණිය දොස්තර මහත්තයා මේ ප්‍රශ්ණ ටිකට මුහුන දෙන්න දේශීය දෘශ්ඨිවාදය හරහා ,හෙල දැක්මෙන් යුතුව කරන යෝජනා ටිකක් ඉදිරිපත් කරන්නං.
    . දේශිය අමුද්‍රව්‍ය වලින් ගොං කරත්තයක් සදා ගොනෙකු බැද දැක්කීමෙන් වාහන දේශීයව සකසා ගත හැක.
    . බටහිර වැක්සීන වෙනුවට දේශීයව , පැණි ,ධුමාරය සහ මුට්ටී භාවිතා කල හැක , මුඛාවරණ සදහා පොල් ලෙලී ,කොල වැනු අමුද්‍රවය භාවිතා කල හැක. අනිත් එව්වා පස්සේ.
    .ගෑස් අර්බුදයට දරලිප් භාවිතාකල හැක.
    .ඉන්ධන භාවිතය අදාල නොවේ (දේශීය ගොං රථ භාවිතා කල හැක.
    .නිවාස ප්‍රාශ්ණයට තිත , දේශීය උණ පතුරු හා මැට්ටෙන් අනාගත් වරිච්චියෙන් විදේශීය අමුද්‍රව්‍ය භාවිතය අවම වේ.
    .කිරිපිටි වෙනුවට බොන්න මගුල් ඔනෑතරං තිබේ.
    .පණිවිඩ හුවමාරුවට උකුස්සන් පරෙවියන් යොදා ගත හැක.
    .රසායනික පොහොර වෙනුවට චීන අපද්‍රව්‍ය නොමිලයේ භාවිතා කල හැක.
    . ඩොලර් නිශ්පාදනය දිරිමත් කිරීම සදහා දේශීය චිත්‍රශිල්පියන් දිරිමත් කරනු ලැබේ.
    .මුදල් බාවිතාව වෙනුවට සරල හුවමාරූ ක්‍රමය භාවිතා කෙරේ.
    .මාංශ ආහරයට ගන්නන්ට ,දඩයම් ක්‍රම හදුන්වාදෙනු ලැබේ.
    .විදුලිය වෙනුවට ගිනිමැළ , කැකුණ තෙල් සපිරි ලැණ්තැරුම් භාවිතා කල හැක.
    . අන්තර්ජාලය වෙනුවට සෑම ගමකම පිංලිදක් ඉදිකොට , ලිද ලග සංගමයක් ඇතිකරනු ලැබේ.
    . චූන් පාන් වෙනුවට තිරික්කල් පාන්.
    .සුද්දාගේ ජොකා වෙනුවට අමුඩය.
    .සුද්දගේ ඩැනිම වෙනුවට දේශිය තන්තුමය ඇදුම් හෝ කොල අතු.
    .ගොන් කරත්ත පාලනය කලර් ලයිට්ස් වෙනුවට පහන් පත්තු කල හැක.
    .විදේශීය යන්ත්‍ර සුත්‍ර සියල්ල දේශියව නිශ්පාදනය කොට තුන්මුල්ලේ විමලේගේ අමාත්‍යාංශය හරහා නොමිලේ බෙදා හැරේ .
    .අස්භ්‍ය දර්ශණ නොමැත ,ලිංලග හබරල ගාලවල් ඉදිකොට දේශීය ගලෙන් එය වෙත යෑමට මංතීරු .
    .ජාතිය ඇමතීමට අණබෙර.
    .තව ඇත ඉඩ නැත.

  5. සොනාලි says:

    Dollars ගෙවන්න ඕන පිටරටක ඉදලා සහ tax ගෙවන්නත් ඕන පිටරට ඉදලා නම් වැඩේ හොඩ්ජයි. වෙනත් රටවල් වල මේක කරනවා.

  6. Gorilla says:

    කබ්‍රාල් මහත්තයෝ නරකද රුපියල අයින් කරල ඩොලර් වලින්ම වැඩ කලා නම් එතකොට ඔයාලට පිස්සු කෙලින්න හොර වැඩ කරන්න බැරිවෙනවා. අනික කෝ අර නැවෙන් හම්බවෙන ඩොලර්?

Main News