වාහන ආනයනය ගැන රජයෙන් ප‍්‍රකාශයක්…

March 24, 2022 at 6:18 am | lanka C news
වාහන ආනයනය ගැන රජයෙන් ප‍්‍රකාශයක්…

වාහන ආනයනය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ලැබී ඇතත් මේ වන විට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බැවින් වාහන ආනයනය කිරීමට රජය මෙතෙක් අවසර දී නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.

වාහන ආනයනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් යෝජනා ඉදිරිපත් කර ඇති බවත් කෙසේ වෙතත් රජය අවධානය යොමු කර ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කිරීමට ඩොලර් යෙදවීමට බව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තීරු බදු ඩොලර්වලින් ද ගෙවා වාහන ආපසු සිය රටට යැවීමට අවසර දීම සම්බන්ධයෙන් තමන් මීට පෙර කළ යෝජනාව සලකා බැලිය හැකි දැයි දොලවත්ත මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. “මෙය ඉහළ යන වාහන මිල අඩු කර ගැනීමට සහ ඩොලර් වලින් තීරු බදු ගෙවන බැවින් රජයට ඩොලර් ලබා දීමට උපකාරී වනු ඇත,” ඔහු පැවසීය.

අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවසර දෙන්නේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමෙන් පසුව බවයි.

202,402 views

14 Comments to “වාහන ආනයනය ගැන රජයෙන් ප‍්‍රකාශයක්…”

  1. ආත්මය පාවා දෙන්නෝ says:

    ප්‍රෙමනාත් සී දොලවත්ත කියන්නෙ මරු බඩුවක් හොඳ ඩබල් ගෙම් කාරයෙක් විමල් වාසු හා උදය ගම්මම් පිල ගෙ වෙඩ කටයුතු බලන්න දාපු ඔත්තු කරුවා

  2. ආත්මය පාවා දෙන්නෝ says:

    තිස්ස කුට්ටි ආරච්චි ට අද්‍යාපන එමති කම දෙනවලු නේ😂😂😂

  3. JaGa says:

    තාම මේකේ වසන උන්ගේ “රථගාය” ඇරිලා නෑනේ!

  4. DRS says:

    No one will send any cars if they have to pay twice as much in taxes.
    Reduce the tax to 50% of the value of the car.
    Limit the minimum value of a car to 10000 USD and less than 5 years old.
    Also limit to Hybrid or Electric cars.

    • Kaushalya says:

      Importing of individual vehicles should not be in the priority list.
      Even now, there are more than enough vehicles in the road.
      So the prices of vehicles can set the demand which is happening now. It’s a control to support market forces – demand based on individual capacity and supply.

      So no need of individual vehicles now.

    • Asela says:

      We have this tax structure for very long time. People will send vehicles to Sri Lanka as a business not for themselves…

      Hybrid vehicles are viable in Sri Lanka. As long as we are generating electricity from the fossil fuels no point of thinking fully electric vehicles.

  5. Sura says:

    රාජ්‍ය නිලධාරීන්ගේ Vehicle Permit , අවුරුදු ගණකාවක් තිස්සේ පුස්කනවා….

    • සෞභාග්‍යය කරා says:

      Sura says: අනේ පව් රජයේ සේවකයන් , මේ රටේ සෞබග්‍ය දෙක්ම සදහා නොකා නොබී හොර බොරු නෙති රටට බරක් නෙති කියක් හරි පඩි වෙඩි කරන ( ප්‍රබාකරන් හෝ පොට්ටු අම්මාන් ) කට්ටියට චන්දය පාවිච්චි කරන සුපිරි ජන කොට්ටාසයක්

    • dilky says:

      This should be stopped right away. Why permits for gov servants ? For gov servants who need a vehicle for official use, it can be provided by the respective institution while the officer in duty. When he/she leaves, the vehicle should be handed over back to the government institution. So no personal vehicles or permits should be allowed. Government offices can maintain a pool of vehicles for the respective grades.

      Please stop permits. This is a waste of tax payers money and an injustice to tax payers specially direct tax payers

  6. Nuwan says:

    දැන් කිව්ව කියල මතක තියා ගනිල්ලා. තව ටික දවසකින් මුලු ලංකාවෙම Fuel Shed ටික IOC වෙනවාමයි. CPC ඒක ඉවරයි. නමුුත් ඒකෙන් වෙන ඒකම හොඳ දේ වෙන්නේ දේශපාලන පත්වීම් ගත්ත උන් සියලුම දෙනා එලියට දානවා

  7. Asela says:

    Vahana Epa, Rate minissunta kanna kama, beheth tika genath denna e odatoma athi

Main News