වාහන ආනයනය තහනම් කරයි..

March 20, 2020 at 3:00 pm | lanka C news
වාහන ආනයනය තහනම් කරයි..

රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට මහබැංකු විසින් තීරණය කර ඇත.

මාස තුනක කාලයකට මෙම තීරණය බලපානු ඇත.

එමෙන්ම මෙරට සිට විදේශයන්ට ගෙන යා හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000 දක්වා සීමා කර තිබේ.

කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අඩු කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගෙන ඇත.

මීට අමතරව වාණිජ බැංකු හරහා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම ද තාවකාලිකව අත්හිටුවා තිබේ.

3,100 views

18 Comments to “වාහන ආනයනය තහනම් කරයි..”

  1. Bad says:

    තොපි දේශපාලන කන්නාඩි දාගෙන කතා නොකර දැනට තෙබෙන ප්‍රසනය ගැන බුදීයෙන් කතා කරපල්ලා පසු ගිය ආණ්ඩුව ලස්සනට පාලනය කලානේ

  2. sumanasekara says:

    ලෝකේ තියන ගනන්ම වාහන නිකන් ගන්න උදවිය අපිට කියනවා පට් තද කර ගන්නලු…

  3. Samantha Silva says:

    මුන් වැඩිහරියක් කරේ හොඳට කාලා පලිමෙන්තුවේ සබාගැබේ නිදියගත්ත එක. මුන්ට ඩියුටි ෆ්‍රී වාහන නෙමෙයි ඩියුටි ෆ්‍රී ඇඳන් ගෙනල්ලා දීපන්

Main News