වාහන ගෙන්වීම තවත් වසරක් තහනම්..
November 14, 2020 at 5:30 pm | lanka C news
මේ වන විට මෙරට ක්‍රියාත්මක කර ඇති වාහන ආනයනය කිරීමේදී තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ හේතුවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
මුදල් අමාත්‍යාශයේ අදහස් වන්නේ රටට අවශ්‍ය තරම් වාහන මේ වන විටත් මෙරට තුළ ඇති බවය.
කෙසේ වෙතත් වාහන ආනයනකරුවන්ගේ අදහස වී ඇත්තේ තම කර්මාන්තය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති නිසා වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි
දැන් ඉතින් වාහන අරන් ඉවරයි….ඒ බලාපොරොත්තුවත් ඉවරයි….
Very good decision.
මෙය හොඳයි, නමුත් කරුණාකර වාහන අමතර කොටස් ආනයනය සඳහා වන සියලුම සීමාවන් සහ බදු ඉවත් කරන්න. අපගේ පැරණි මෝටර් රථ අලුත්වැඩියා කිරීම සඳහා කොටස් නොමැතිව ධාවනය කරන්නේ කෙසේද?