වාහන දුම් පරීක්‍ෂණය අමූලික බොරුවක්.. කාබන් බද්ද අකුසල පලදීමක්..

January 10, 2019 at 5:30 pm | lanka C news
වාහන දුම් පරීක්‍ෂණය අමූලික බොරුවක්.. කාබන් බද්ද අකුසල පලදීමක්..

සමස්ථ ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

වාහන සඳහා අධික කාබන් බද්ද ක්‍රියාත්මක කිරීම

2019 ජනවාරි පළමු වෙනිදා සිට සියලුම වාහන හිමියන්ගෙන් අධික බද්දක් අය කිරීමට රජය කටයුතු කරනා බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

මෙම කාබන් බද්ද අය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ වාහන ජනගහනයෙන් 58% හා මිලියන 4.2 ක වූ යතුරුපැදිකරුවන් නියෝජන කරනා හා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනා අප සංගමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියනා එක්සත් ජාතික පක්ෂ රජය කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති අතර, මෙවැනි අධික බදු අය කිරීමක් සඳහා අප සංගමයේ කිසිදු එකඟතාවක් නොමැති බවට මින් දැනුම් දීමට කැමැත්තෙමු.

අන්ත දූෂිත හා ප්‍රායෝගික නොවන අමුලික බොරුවක් වන දුම් සහතිකය ද ගෙන අවේ එක්සත් ජාතික පක්ෂ රජයෙ දූෂිනයට උරදුන් අමාත්‍ය රුක්මන් සේනානායක විසිනි. එම පල්වී තිබෙනා කුණු බිත්තරය දැන දැනම දැනට ආරක්ෂා කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිසර අමාත්‍යාංශයේ මෝඩ නිලධාරීන් පිරිසක් විසිනි.

ශ්‍රී ලංකාවේ මහාමාර්ගවල වැඩියෙන්ම අධික ලෙස දුම් දමමින් හා ශබ්ද දූෂණය කරමින් යතුරුපැදිකරුවන්ට ඉමහත් ලෙස පීඩා කරමින්, පරිසරය විනාශ කරමින්, ධාවනය කරනා බස්රථ හා ඒවායේ කෝටිපති හිමිකරුවන් සඳහා සහනදායී ස්ථාවර බද්දක් ප්‍රකාශයට පත් කර, දවසේ එදාවේල ගැට ගසා ගන්නා යතුරුපැදිකරුවන් හා ත්‍රීරෝද රථ වැනි අනෙකුත් වාහන සඳහා මෙලෙස අධික බදු ප්‍රකාශයට පත් කිරීම පදනම් විරහිත හා සදාචාර විරෝධී ප්‍රතිපත්ති තීරණයක් බවට අපි පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙම අධික බද්ද හේතුවෙන් සාමාන්‍ය සි.සි. 150 ක යතුරුපැදි හිමි කරුවෙකුට වසරක් සඳහා රු. 225 කට අධික කාබන් බද්දක් ගෙවීමට සිදු වනු ඇත. නිසි පවුල් ජිවිතයක් නොමැති නිසා පවුල් ජීවිතයක ආර්ථික දුෂ්කරතා නොදත් හා කුඩා කාලේ සිට සැප පහසු වලව්කාර ජීවිතයක් ගතකර ඇති නිසා දුප්පතාගේ දුක නොදත් ටයි කෝට් දාගත් උජාරු නායකයින්ව පාර්ලිමේන්තු යවා රටේ මහජනතාව කෙරූ මෝඩ ක්‍රියාවන්වල පළ විපාක මහජනතාවටම මෙලෙස අත්විඳීමට සිදුවීම අකුසල් කර්මයේ පළදීමක් බව අපි පෙන්වා දෙන්නෙමු.

මෙම අසාධාරණ බදු අයකිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි හකුලා නොගතහොත් ඉදිරියේදි එළෙබෙන මැතිවරණ කාලය තුළ දී මෙම අසාධාරණ ක්‍රියාවන් මහජනතාවට උපුටා පෙන්වමින් මුදල් ගෙවා ප්‍රචාරණ දැන්වීම් හා වැඩසටහන් මාධ්‍ය හරහා පතුරුවා හැරීමට අපි කටයුතු සූදානම් කර ඇත.

මුදල් පිළිබඳව තීන්දු ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නම්, රටේ රාජ්‍ය ආදායමෙන් 95% ක් ණය ගෙවෙනා තත්ත්වයට පත් කර රටේ විනාශයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ද පාර්ලිමේන්තුවේ සිටිනා හා සිටිය ඇමතිවරුන් බවට මහජනතාව තේරුම් ගත යුතුය. ඒ අනුව එම ඇමතිවරුන්ගේ සියලුම වත්කම් රාජසංතක කර එම ණය මුදල් ගෙවා දැමිය යුතුය.

සභාපති
චිරන්ත අමරසිංහ

23,955 Viewers

8 Comments to “වාහන දුම් පරීක්‍ෂණය අමූලික බොරුවක්.. කාබන් බද්ද අකුසල පලදීමක්..”

  1. මළ බද්ද vs කාබන් බද්ද says:

    ගමේ ඉඳන් කොළඹට ආවම ඇති තද බද්ද
    පෙනේ සැමටම දුම පිටකරනා වාහන සද්ද
    වැඩිකල් නොගොස් උස්ම ගන්න දඟල සද්ද
    පෙනේ සැමට උස්ම තදවී පහවෙන මළ බද්ද

    සෝබනය පෙන්නල ගනියි වාහන ණය වීලා
    තෙල්ටික ගසයි තව ණය ගොඩටම එක්වීලා
    ඉන්ෂුවරන්ස් ගෙවලම පඩිය නැත ඉතුරුවීලා
    මාසෙ අන්තිමට සිනාමූන පෙනේ හාමත්වීලා

  2. wiki says:

    oka maha boruwak. Aluthin gena wahana niyamitha paridi nadaththu karanawa. saha ewayen awama washayen thamayi pitawenne.
    Namuth bike tuk tuk wage ewwa kohomath nisi lesa nadaththu karanne naha. oni tharam thiyenawa ewage bike tuk tuk dum daagena yana. ewa Eco test eka kohoma pass karanawada kiyanna mama danne naha.
    thawada, CGR eke train tikayi CTBeke bus tikayi dana dum walin pariisarayata haniyak naddda ???

    • King Bull says:

      කාබන් බද්ද ගැහුවම දුම අඩු වෙනවද ?

      • කාබන් MAN says:

        වාහනය අවුරුදු 20 වැඩි නම් ගසනු කාබන් බද්ද!!!

  3. buruputha says:

    Me baddhata kiyanne Champika Ranavaka baddha kiyala.

  4. Dushantha says:

    මෙහෙමත් කරුම ආන්ඩුවක් නන් ජීවිතේට තිබිලා නෑ. තියන බදු මදිවට කාබන් බදුත් ගහලා. හෙනම ගහපන්.

  5. Gorilla says:

    You should celebrate now with fire crakers you unp dogs

  6. Rest says:

    This is easily defeatable in court. The government should prove how engine capacity affects carbon emission.Most new vehicles have less carbon emission even though engine capacity is high. Three wheels with less engine capacity may have high emission.Also, government should show what will happen to fund money.

Main News