වාහන පාර අයිනේ නැවැත්වීමේදී දුරකතන අංකය දැක්වීම අනිවාර්යයි.. නැතොත් බෝම්බ නිෂ්ක්‍රිය අංශයට බාරයි..- පොලීසිය
October 18, 2019 at 11:20 am | lanka C news
කාර්මික දෝෂයකට ලක් වීමක් නිසා හෝ වෙන ඔ්නෑම හේතුවක් නිසා වාහනයක් කිසියම් ස්ථානයක නතර කර යන්නේ නම් එහි තවත් පුද්ගලයෙකු රඳවා වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේ කළ නොහැකි අවස්ථාවකදී නම් 119 දුරකථන අංකය අමතා ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම වාහනයේ රියදුරුගේ දුරකථන අංකය පැහැදිලිව පෙනෙන සේ වාහනයේ දර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය.
ඉහත කිසිම ආකාරයකට කටයුතු නොකරන ලද වාහනයක් සම්බන්ධයෙන් සැක කටයුතු තත්වයක් ඇති වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකාය, බෝම්බ නිෂ්ක්‍රිය අංශය යොදා වාහනයේ සෑම කොටසක්ම සියුම්ව පරීක්ෂා කරන බවද ඔහු පැවසීය.
නොයෙකුත් ස්ථාන වල විවිධ පුද්ගලයින් විසින් නවතා යනු ලබන වාහන සම්බන්ධයෙන්….
නොයෙකුත් ස්ථාන වල විවිධ පුද්ගලයින් විසින් නවතා යනු ලබන වාහන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා අදහස් දැක්වීම.
Gepostet von Sri Lanka Police Media Division – SLPMD am Donnerstag, 17. Oktober 2019
සර්… නරක නැද්ද අංක තහඩුව දුරකථන අංකය දාලම ලියාපදිංචි කරානම් වාහනය ගන්නකොටම!
එවිට ප්‍රශ්ණ සියල්ලම ඉවරයි නේද සර්..!
කුඩ්ඩො බලාගෙන ඉඳිද්දිම මාට්ටු වෙනවා ඒක නම් ෂුවර්..!
එතකොට ත්රස්තවාදියා ටෙලිෆෝන් නොම්බරයට කතා කරන්න බෝම්බයක් සවිකරලා ගියොත් මොකද කරන්නේ.?මාධ්‍ය සාකච්චා තිවුවට වඩා ඒවාට උත්තර සොයන්න .
Mun wage gonnu
පොලීසියම බෝම්බ පුපුරුවලා support එකක් දෙන්න හදන්නේ ……දාල යන mobile no එකට set කරලා යයි යන්න ……
ඒ කියන්නේ නිකන් පාර අයිනේ නවත්තලා ගියත් 119 කතා කරලා කියන්න කියලානේ. මූට පිස්සු.. මොලේ තියෙන මිනිස්සු නැතිව හරක් වැඩ කරනකොට වෙන දේවල්