වාහන බලපත‍්‍ර අලුත් කරන්න දැඩි තදබදයක්.. පරිඝණක පද්ධතිය අඩාල වේ…

October 10, 2021 at 8:02 am | lanka C news
වාහන බලපත‍්‍ර අලුත් කරන්න දැඩි තදබදයක්.. පරිඝණක පද්ධතිය අඩාල වේ…

කොවිඩ් හේතුවෙන් රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අළුත් කර ගැනීම සඳහා ඉතා වැඩි ජනතාවක් ඒකරාශී වීම හේතුවෙන් දිවයින පුරා සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී බාදා ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන (ICTA) නිවේදනය කරයි.

ICTA ආයතනය, පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තු අධිකාරීන් හා සහයෝගිතාවයෙන් ක්‍රියාත්මක කර ඇති මෘදුකාංග පද්ධතිය මඟින් මේ වන විට වාර්ෂිකව මිලියන 6.5ක පමණ අදායම් බලපත්‍ර ප්‍රමාණයක් දිවයින පුරා පිහිටි නිකුත් කිරීමේ කවුන්ටර 900කට අධික ස්ථානයන්හිදී සාර්ථකව සිදු කෙරේ.

සාමාන්‍යයෙන් දිනකට බලපත්‍ර 34,000ක් පමණද, කාර්ය බහුල වේලාවන්හිදී පැයකට බලපත්‍ර 6,800ක් පමණද නිකුත් කෙරේ. කෙසේ වෙතත්, රට වසා දමා තිබූ කාලය තුල ලබා ගත නොහැකිවූ වාහන අදායම් බලපත්‍ර අළුත් කර ගැනීමේ පවතින දැඩි ඉල්ලුම හමුවේ පවා දිනකට බලපත්‍ර 55,000ක් පමණද, කාර්ය බහුල වේලාවන්හිදී පැයකට බලපත්‍ර 11,000ක් පමණද නිකුත් කර ඇත. මෙය 60%ට වැඩි ඉල්ලුමෙහි වර්ධනයකි.

2009 වසරේ සිට සාර්ථකව ක්‍රියාත්මක වූ මෘදුකාංග පද්ධතිය, පවතින දැඩි සේවා ඉල්ලුම හේතුවෙන් විටින් විට මන්දගාමී ක්‍රියාකාරිත්වයක් දක්වයි. බලපත්‍ර නිකුත්කිරීමේ නව්‍ය මෘදුකාංග පද්ධතියක් ICTA ආයතනය විසින් දැනටමත් සකස්කරමින් පවතින අතර 2022 වසර මද භාගයේදී එය අවසන් වනු ඇත. පවතින සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූලව ජනතාව ඒකරාශිවිම පාලනය කිරීම සඳහා පියවර ගනිමින් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු පවත්වාගෙන යන ලෙසට ICTA ආයතනය පළාත් බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත.

– ICTA

12,737 views

3 Comments to “වාහන බලපත‍්‍ර අලුත් කරන්න දැඩි තදබදයක්.. පරිඝණක පද්ධතිය අඩාල වේ…”

  1. kanda sena nariya says:

    shite software products of EPIC thieves.

  2. Nalaka says:

    All citizens please read this.
    As far as we know, this nominal government is totally failed and shit everywhere.
    There is no control on anything in this country.
    All top brass fellows have become jokers and Muppets.
    Decision makers in this country are business people, not the cabinet,.
    So why people are so hurry in obtaining revenue licence.
    We should obey law and order if this country really has it.
    Being after 74 years from independence, we all have witness there is no law, no disciplene or anything in Sri lanka.
    Hence, don’t be hurry to obtain your licence or anything.
    Drive the vehicle as you want and incase if get caught to the police and just explain them and get lost

  3. නවම් says:

    මෘදුකාංගය අළුත් කිරීම විසඳුමක් වන්නේ කොමිස් කාක්කන්ට සහ ඔය නියෝජිතාගේ යැපෙන්න්නටද? පද්ධතියේ තදබදය නවත්වන ක්‍රමවේද දන්නෝ දනිති හා ඒවාට වෙනම ක්‍රම ඇත. කමක් නැහැ කීයක් හරි නේද? හිසරදයට කොට්ටය මාරු කිරීමත් හරි. හැබැයි නියෝගේ අය දේශපාලකයන් අන්දන්න දක්ෂයෝ. රජයෙත් ඉන්නවා පරිපාලන ලොක්කො සෙට් එකක් තාක්ෂණය දන්නවා වාගේ රගපාන කමක් නැහැ ජොබ් එකක් නේ.

Leave a Comment

Main News