වාහන බලපත‍්‍ර ඔ්නෑමයි.. පසුපෙල මන්ත‍්‍රීන් යලිත් ඉල්ලති..

November 27, 2021 at 10:40 am | lanka C news
වාහන බලපත‍්‍ර ඔ්නෑමයි.. පසුපෙල මන්ත‍්‍රීන් යලිත් ඉල්ලති..

තමනට වාහන බලපත්‍ර ලබාදීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් කතානායක වරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ පවතින ආර්ථික තත්වය යටතේ තවත් වසර කිහිපයක් ඒ සඳහා බලා සිටීමට සිදු ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග මෙරටට වාහන ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇති අතර මන්ත්‍රීවරුන්ටද බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමද ඒ සමගම අත්හිටුවනු ලැබීය.

මේ හේතුවෙන් තමනට අසාධාරණයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ පසුපෙළ නවක මන්ත්‍රීවරු දිගින් දිගටම සඳහන් කරති.

ඇතැමුන් සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තු පවා එන්නේ කුලියට ගත් වාහනවලින් බවයි.

20,045 views

16 Comments to “වාහන බලපත‍්‍ර ඔ්නෑමයි.. පසුපෙල මන්ත‍්‍රීන් යලිත් ඉල්ලති..”

  1. Viruwa says:

    මුන්ට චන්දෙ දුන්න එව්න් ගෙන් එකතු කරමු

  2. sam says:

    Munta denna ona gon karathhayak saha nagulak.

  3. David Milli-banda says:

    You were voted to get elected not to demand Vehicle permits.
    We the voter do not want to provide you with vehicle permits with our money.. You can resign immediately.
    NO PERMITS.

    Govt can repair vehicles available in the car pool. You can select any vehicle of your choice and get it re-conditioned.

  4. Gamarala says:

    සොරාගත් මුදල් වලින් ගනිල්ලා. මින් ඉදිරියට උබලට චන්දෙ දෙන්න බූරුවෝ අපේ රටේ නැහැ.

Main News