වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්..

October 2, 2021 at 10:00 am | lanka C news
වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්..

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට වාහනයක් ගෙන ඒමේ දී සහන සැලසීමට මහ බැංකුවේ සූදානමක් ඇතැයි වාර්තාවේ.

ඒ අනුව විදේශගත ලාංකිකයන් මෙරටට වාහනයක් ගෙන ඒමේ දී අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීෙම් අවස්ථාව ලබා දීමට සාකච්ඡා සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊට කැමැත්ත පළ කර ඇති බවයි.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙරට වාහන මිල ගණන් පහළ යනු ඇති බවත් රටේ ඩොලර් ප්‍රශ්නයටද විසඳුම් ලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.

326,217 views

39 Comments to “වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්..”

  1. Wm tilak says:

    Very good

  2. It’s perfectly . But still couldnt tell anything because darama ………..🤣🤣🤣

  3. Nuwan says:

    වැඩි ගනන් දීලා ගත්ත උන්ට හොඳ වැඩේ. සාදූ….

  4. sam says:

    Hope this will work. But, as I can see this will make it worst. The current value of SGD in the black market is 176 while the official rate is 147. Can you imagine what will happen when they allow buying vehicles with foreign currency? They have already printed too much local money. So this will increase the black market value of $$. However, it will at least reduce current ridiculous vehicle prices to a certain level.

  5. Anuradha says:

    අනේ අම්මපා මේ කබ්රාල්ගේ මොළේ හත්පාරක්වත් ඇලේ දමලා සෝදා ගන්න වෙනවා මේවගේ ගොන් කථා කියනවට.මේවගේ එවුන්ව තවමත් මේ බැටරි පුසා තියාගන්නවානේ.

  6. කබ්රාල් says:

    මේකෙන් වෙන දේ..
    රට ඉන්න උන් business එකට බහිනව…
    2020 Vitz එකක් ලක්ෂ 50කට වගෙ ගේන්න පුලුවන්.. ඒත් වෙන්නෙ රට ඉන්න අයගෙ ලංකාවෙ account එකට ලක්ෂ 60 දාල එයාල ලවා වාහන ගෙනත් මෙහෙ 65-70ට විකුණන එක.
    අනික් අතට black market එකෙන් ඩොලර් යවන එක…

    ඉස්සර වගෙ සතියකට වාහන 1500 මේකෙන් ගේන්න බෑ. ඉතින් ඉල්ලුම සපුරන්න බෑ.

    මොනව උනත් යම් මිළ පාලනයක් මේකෙන් වෙයි.

  7. M.O.A.Careem says:

    Some speak people here, not workable

Main News