වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

November 30, 2021 at 10:22 pm | lanka C news
වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

මෙරටට ආනයනය කරන ඉන්ධන තත්වයෙන් බාල ඒවා බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

ඩීසල් යොදන ලද බස් රථ ගණනාවක් මහ මග අතර මග නතර වී ඇති බවත් මේ සම්බන්ධයෙන් තමන් පොලීසියට පැමිණිලි කළ බවත් ඔහු පැවසීය.

මෙරට ඩොලර් හිගය හේතුවෙන් ආනයනය කරනු ලබන්නේ බාල ඉන්ධන බවත් මෙම ඉන්ධන භාවිතා කරන වාහන දෝෂයන්ට ලක්වන බව කියා සිටී.

එමෙන්ම මෙම ඉන්ධන දහනය වන ප්‍රමාණය ද ඉතා ඉහළ බව ඔහු සඳහන් කළේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.

58,065 views

9 Comments to “වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..”

  1. පාවඩදෙණිය දොස්තර says:

    ගෑස් නැතුව දරලිප් විදුලිය නැතුව හුලු අතු පාන් පරිප්පු හාල් කිරිපිටි නැතුව අල බතල කොස් දෙල් ඉතිම් මොටද වාහන අපි ගම්මු ගොන් කරත්ත.ටුවරිස්ට්ල ගෙන්න ගතෑකි දෙදාස් විස්සෙ ගල් යුගේ පෙන්නන්න.

  2. බන්ඩා says:

    සජී ජනාධිපති නම් සල්ලි බෙදලා වාහන ටෑන්ක් ෆුල් ගහනවා

  3. බන්ඩා says:

    සජී ජනාධිපති නම් සල්ලි බෙදලා වාහන වලට ටෑන්ක් ෆුල් ගහලා නන් ස්ටොප් දුවනවා.

  4. චන්ද දායක says:

    භූමිතෙල් මික්ස් කරලා ඩීසල් ගහලා දුවපු බස් නෙවෙයි නේ ?

  5. සකලජන says:

    පෙරේතකමට බූමිතෙල් ගහන් දුවල දැන් මෙතන බාල මගුල් කියවන් එනව…

  6. senaka says:

    ගෑස් පෝලිමත් නැතිකරා. දැන් යන්තම් ඇති පෙට්‍රල් ගහන්න වාහන පෝලිමත් නැතිකරා. කොහමද මොළ හුතාගේ මොලේ

  7. ඩිලා says:

    ​වාහන ටික කැඩුනාම අමතර කොටස් ගේන්න සල්ලි දෙන්නේ දේශපාළු බූදලයෙන්ද? අනේ මේ වගේ මෝඩ පාලකයෝ, ගෙන්නන ඒවා ටිකවත් හරියට ගෙන්නන්නේ නැතුව තවත් පිට රට වලට $ දෙන්න යන​වා

  8. පාල says:

    අලුත්ම නාටකය බාල තෙල්

  9. Udesh says:

    Kerosine use karapu ewa newei Nam hoyanna ona. Wasitata newei rate hondata.

Main News