වාහන ලීසිං සහනය ප්‍රෝඩාවක්.. වාරික නොගෙවුවොත් දඩ පොලිී… නැතොත් වාහල උස්සන බව ලීසිං සමාගම් දන්වයි..

September 14, 2020 at 10:40 am | lanka C news
වාහන ලීසිං සහනය ප්‍රෝඩාවක්.. වාරික නොගෙවුවොත් දඩ පොලිී… නැතොත් වාහල උස්සන බව ලීසිං සමාගම් දන්වයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදෙන බව පැවසූ මාස හයක ලීසින් සහනය ප්‍රෝඩාවක් වී ඇතැයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කරයි.

එහි සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කරන්නේ ජනාධිපති ගේ නියමයද නොතකා ලීසිං සමාගම් විසින් මේ වන විට ලීසින් වාරික ගෙවන ලෙස බලපෑම් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් රජය වහා පියවර නොගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයට යාමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

පාසල් සිසුන් ප්‍රවාහන සංගම් වලට ලීසීං සහනයක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහමැතිවරණයට පෙර ප්‍රකාශ කළ ද එවන් සහනයක් දීම සදහා චක්‍රලේඛ එවා නොමැති බව පවසමින් ලීසින් සමාගම් විසින් වාරික අයකර ගැනීමේ දැඩි උත්සාහයක් යොදන බව ඔහු කියා සිටියේය.

ලීසිං වාරික නොවන්නේ නම් දඩ පොලී අය කරන බවත් එසේද නොවේ නම් වාහන අත්පත් කරගන්නා බවත් ලීසිං සමාගම් විමින් දැනුවත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් කැදවා ඔහු මෙම අදහස් පල කරන ලදී.

20,093 views

7 Comments to “වාහන ලීසිං සහනය ප්‍රෝඩාවක්.. වාරික නොගෙවුවොත් දඩ පොලිී… නැතොත් වාහල උස්සන බව ලීසිං සමාගම් දන්වයි..”

  1. Priyantha says:

    Janapathi thumani….sahanaya labaadeemata…katauthu keranna..

  2. nishantha says:

    පාතාලය හැරුණ විට ලංකාව පාලනය කරන්නේ ලිසිං කොම්පැනි සහ ඇතැම් බැංකුය. කිසිම දේශපාලකයෙකුට මේවා පාලනය කිරිමට නොහැකිය.

  3. purawasi says:

    That’s true leasing companies charging interest and forcing for immediat payment.

  4. Jagath says:

    ඕවා ඔක්කොම ප්‍රෝඩාවල් තමයි. චන්දෙ ගන්නකන් විතරයි.

  5. Hudson says:

    No wonder, everything is fake under this government.

  6. ගමරාල says:

    තොපි මොකටද ලිසින් දැම්මේ ? සල්ලි තියන විදියට ඕනේ වැඩ කරන්න, දාගත්ත නං ගෙවපියව්.

  7. Amandus Vasant says:

    Leasing witharak nemei light billath ehemamai chakra lekanaya ewala naha kiyala mulu bilama gewanna kiyuwa

Main News