වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

September 7, 2021 at 1:20 pm | lanka C news
වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..

මෙරට තුල වාහන එකලස් කිරීම සදහා අවසරය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසීය.

මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාහන ආනයනය තාවකාලිකව නතර කර ඇති බවද පවසා අමාත්‍යවරයා එම අර්බුදය ක්‍රමානුකූලව විසඳුණු ඇතැයි බලා තුන බවද පැවසීය.

වාහන එකලස් කිරීමට අවසර ඉල්ලා කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් එම අවසරය ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.

125,716 views

43 Comments to “වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..”

  1. Gotaimbara says:

    Good decision. We did this during Mrs Bandaranayake’s time with the Upali Fiat.

  2. කාර්මික බුද්ධියට ආමන්ත්‍රණය කළ යුතුයි! says:

    ට්‍රෙන්ඩ් පස්සේ දුවන එන්නත් නිර්දේශ කරන සහ ව්දගත් ගොරකයන්ගෙන් ප්‍රවේසම් වී ඉදිරිය බළා තීන්දු තීරණ ගැනීමේ දක්‍ෂතා රජය සතු වියයුතුයි! වාහන එකලස් කිරීමේ ක්‍රියාවලිය වැදගත් තීරණයක් බවත්, ශ්‍රී ලාංකිකයන්ගේ කාර්මික බුද්ධියට ආමන්ත්‍රණය කළ යුතුයි!

    • රාජන් says:

      රෙද්ද තමයි. හිතුවද ලංකාවෙ වාහන හදන්න යනවා කියලා. ගෙඩි පිටින් මෙහෙට ගේන කෑලි පූට්ටු කරන එක තමයි කරන්න හදන්නේ. ඒක කරන්න ඕනෙ එකෙක්ව පුරුදු කරලා ගන්න පුළුවන්. කිසිම කාර්මික දැනුමක් නැති කාන්තාවන්ටත් පුළුවන්. කාර්මික දැනුම ඕනෙ වෙන්නෙ වාහන මාදිළි නිර්මාණයට, වාහන අළුත්වැඩියාවට (Troubleshooting and diagnosis) සහ වාහන වැඩිදියුණු කිරීමට (Re-modification) වාහන නිශ්පාදනය කරන රටවල් (ජපානය, ජර්මනිය, එංගලන්තය, ඉන්දියාව) ලංකාවෙම වාහනයක් හදන ප්‍රයත්නයකට පුළුවන් තරං බාධා කරයි. කොහොමත් ලංකාව වගේ රටකට වාහන නිශ්පාදනය කිර්‍ර්ම ආර්ථික අතින් අවාසියි. මෙහේ යකඩ, ඇලුමීනියම් නිශ්පාදනය වෙන්නේ නෑ. කරන්නත් බැහැ. මේ වගේ පොඩි රටකට ඒ වගේ බැර කර්මාන්ත වලින් වෙන පරිසර දූෂණය විඳදරාගන්න බැරිවෙයි. කොහොමත් ඉතින් මේ වැඩෙන් බැසිල්තුමා නම් ගොඩයයි !

      • Samson Gamalathge says:

        හැමදාම කලේ අපේ රටේ කව්රු හරි වැඩක් කරන්න හැදුවාම .කකුලෙන් අදින එකනෙ අපේ රටේ මොනතරම් හොඳ මොල තියෙනවා ද ..එත් මිනිස්සු අඩු තක්සේරුවක් කරන්නේ ..ජපානයේ වාහන කොච්චර හදනවාද එත් යකඩ ලෝහ වර්ග නැහැ ඔක්කොම පිටින් ගේන්නෙ ..ඒක ප්‍රශ්නයක් නෙවෙයි ..විමල් වීරවංශ ඇමතිතුමාගෙ අදගසට ජයවේවා .

  3. Felix says:

    Most probably China or India with the possible business interests to ????

  4. රාජන් says:

    දැන් ඉතින් දුවපල්ලා ඉන්දියන් හුචක්කු වල. ලෝකේ අඩුම ආරක්ෂාව තියන වාහන හදන්නේ ඉන්දියාවෙ. චයිනීස් බඩුත් එයි කෑලි හැලි හැලි දුවන්න වෙන, මාස 06ක් ගිහාම නිකල් කෑලි මලකඩ කන මොඩල්. ඒත් ඉතින් මක්කෙයි කියලා කරන්නද ?
    හිඟන්නන්ට කොහෙද උනු බත් !

  5. Kumudu says:

    අයිඩෙන්ටි කාඩ් ද පාස්පෝර්ට්ද දෙකක් තිබුනට විමල් හැමදාම රටට දිගුකාලීන වාසිවෙන වැඩක් කරා. ඒක හෙටත් එහෙමයි. චිරං ජයතු

  6. nim says:

    එකලස් කරන්න ද වැඩිම වියදමක් යන්නේ ? තවත් හොර ගේමක් එකෙක් ගේ දෙන්නේකේ බඩ වඩා ගන්න . අන්තිමට ඉන්දියන් චීන parts ගෙනල්ල ලොකු ගමක් දුන්න වගේ , මිනිස්සු අයෙමත් රවට්ටලා එකෙක් දෙන්නෙක් හම්බ කරන්න යන්නේ . අන්තිමට standard බල්ලට .මේකේ මිනිස්සුන්ගේ comments දෑක්කම පේනව කොච්චර අන්දිලද ඉන්නේ කියල . මේ තීරණය ගත්ත ගොන් වස්සන්ගෙන් අහනේ , overall cost එකෙන් කීයක් ඉතිරි කරන්න පුලුවන්ද ? මොනවද ලංකාවේ production ? Micro කලා වගේ ද ? යකෝ අම්මෙක් අප්පෙක් නැති දරුවෝ වගේ. මේක ලංකාවේ ලොකු industry එකක් . මිනිස්සු කී දෙනෙක් ජීවත් වෙනවද ? ලංකාවේ මිනිහෙක්ට වාහනයක් කියන්නේ හීනයක් . මේක basic need එකක්. තමන් කැමැති වහනයක් ගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ . ඇමතිලා යන්නෙත් assemble කරන්න යන වාහන වලද ? engine ඇතුළු අනෙකුත් කොටස් නිකන් ද දෙන්නේ ? assemble කරන්න තම පට්ට වියදමක් යන්නේ . බිලියන ගානක market එකක් .එකෙක් දෙන්නෙක් එකතු වෙලා suck කරන්න යන්නේ . environment එක හදල ඉවරයි . හැම industry එකක්ම එක සෙට් එකක් පාලනය කරන්නේ . කරුමයක් මුන්

  7. ටින්ටින් says:

    මේකත් අර Micro එකේ ලෝරන්ස් පෙරේරා ලංකාවෙ වාහනයක් හැදුවා කියලා කරපු විජ්ජාවට සමානයි !

  8. bimbisaara says:

    උපාලි විජේවර්දන අවුරුදු 30කට කලින් කරපුව දැන් ආයේ අනුමත කරනවාද

Main News