වාහන 164ක් ජපානයෙන් ගෙන්වන්න බැසිල් අනුමැතිය ඉල්ලයි..

August 18, 2021 at 10:40 am | lanka C news
වාහන 164ක් ජපානයෙන් ගෙන්වන්න බැසිල් අනුමැතිය ඉල්ලයි..

අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවහ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළත්ව වාහන 164ක් මිලදී ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉරිපත් කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ණයවර ලිපි ආරම්භ කර තිබුණත් පසුව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීම වෙනුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ටොයෝටා හයිඒස් වර්ගයේ ගිලන් රථ 50ක්, හිනෝ වතුර බවුසන් 52ක්, ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථ 62ක් පිළිවෙළින් ජපන් යෙන් 206,757, 500, ජපන් යෙන් 239,999,968ක් හා ඇමෙරිකානු ඩොලර් 1,801,456ක මුදලක් වැය කරමින් මිලදී ගැනීමට නියමිත බව කියැවේ.

– ada

119,697 views

46 Comments to “වාහන 164ක් ජපානයෙන් ගෙන්වන්න බැසිල් අනුමැතිය ඉල්ලයි..”

  1. Athula says:

    රාජපක්ශලාට කඩේ යන මෝඩ ඇමතියොටික දැන් අත උස්සයි

  2. Amda says:

    ගිලන් රථ හැර අනෙක්වා ලන්කාවෙ මිනිසුන්ගෙන්ම කුලියට හෝ මිලට ගන්න…ඩොලර් රටින් පිට යන්නෙ නෑ. අපි ගේන පොඩි බඩුවලට දහසක් නීති.

  3. sam says:

    Hilux එකකුත් කොටි 3 ක් වෙනවා දැන්. ඇමතිලා ට ඒවා ගෙනාවත් දැන්නම් පාඩු නෑ. කොයිකටත් අවදානයෙන් ඉන්න එන්නේ hilux මද කියල බලන්න . කොහොම උනත් මෙම වසන්ගය්තෙන් පස්සේ, V8 නැතිව අමතිලට hilux දුන්නට නම් අව්ලක් නැ.

  4. අල්ලා says:

    පියෙක් හැටියටද.?

Main News