වැටනු ආර්ථිකය අපි මාස දෙකෙන් ගොඩ ගත්තා.. ජනතාව බලාපොරොත්තු වන රට අපි හදනවා..

October 13, 2021 at 8:40 am | lanka C news
වැටනු ආර්ථිකය අපි මාස දෙකෙන් ගොඩ ගත්තා.. ජනතාව බලාපොරොත්තු වන රට අපි හදනවා..

“ සෞභාග්‍ය යේ දැක්ම ‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය යාථාර්ථයක් කරමින් මාර්ග කි.මි 100,000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පලාපත්වල – ගලේවෙල ( B – 346 ) මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පලාපත්වල දී ආරම්භ කෙරිණි.

පුළුල් කර සංවර්ධනය කරන පලාපත්වල – ගලේවෙල ( B – 346 ) මාර්ගයේ දුර කිලෝ මීටර 30.75 කි. රු.මිලියන 3,552 වැය කරමින් මාස 12 ඇතුලත මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු නිම කිරීමට අපේක්ෂිතය. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීම සිදු කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ….

මේ මාර්ගය කිලෝමීටර් තිහකට වැඩියි. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ගිය අවුරුදු පහ ඇතුළත මේ රටේ කිසිම පාරක් සංවර්ධනය වුණේ නැහැ. හදපු පාරවල් විනාශ නොවී රැකගන්නවත් පසුගිය ආණ්ඩුව කටයුතු කලේ නැහැ. ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය මේ දිස්ත්‍රික්කයේ පාරවල් සංවර්ධනය කිරීම ගැන පුදුම උනන්දුවක් තිබෙනවා. මෙම මාර්ගය පුළුල් කර සංවර්ධනය කර දෙන ලෙස මාගෙන් ඉල්ලීමක් කලා . මහාමාර්ග අමාත්‍යාංශය විසින් මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 35,000 ක් වෙන් කරලා තියෙනවා. ගොඩක් අය අපිට චෝදනා කරනවා මේ රට සංවර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි ආණ්ඩු බලය ලබා ගන්න කොට අපිට සෑහෙන අභියෝගයන්ට මුහුණ දෙන්න සිදු වුනා. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් විනාශ කරපු ආර්ථිකයක් තමයි අපිට ලැබුනේ. පහුගිය යහපාලන ආණ්ඩුව විසින් කරපු හොරකම් නිසා අපේ ආර්ථිකය කඩා ගෙන වැටුණා. මහබැංකුව හොරා කෑවා. මහනුවරට අධිවේගී මාර්ගය හදනවා කියලා කිව්වාට ඒක හැදුවේ නැහැ. දඹුල්ලට අධිවේගී මාර්ගයක් හදනවා කිව්වා ඒක හැදුවේ නැහැ. මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් අපි පාරවල් 670 හදන්න තීරණය කරලා තිබෙනවා.

අපි ජනතාවට වගකීමෙන් කියන්නේ තමුන්නාන්සේලා බලාපොරොත්තු වුණා රට අපි නිර්මාණය කරනවා කියලා. දැනට අපිට පොඩි තාවකාලික ප්‍රශ්න කිහිපයක් තිබෙනවා . කිරි , ගෑස්, වී මිල, වගේ තාවකාලික ප්‍රශ්න. මේ ප්‍රශ්ණ සියල්ල කොවිඩ් අර්බුදය නිසා කළු කඩකාරයින් නිර්මාණය කරපු දේවල් . යම් යම් ආකාරයෙන් හම්බ කර ගන්නවා. මම කියන්නේ මේ සියල්ල තාවකාලික ප්‍රශ්න කියලයි. විපක්ෂ හිතනවනම් මේ තාවකාලික ප්‍රශ්න හරහා ආණ්ඩුවක් වට්ටන්න පුළුවන් කියලා ඒක හීනයක්. අපිට මහ බැංකු හොරා කෑවා කියලා ස්ථිර ප්‍රශ්න නැහැ. මේ රටේ හදවත වගේ තියෙන මහ බැංකුව හොරාකාපු මිනිස්සුන්ව මේ රටේ ජනතාවට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

වැස්සේ තෙමෙන කොට මිනිස්සු දන්නවා මේ තෙමෙන්නේ මහබැංකු හොරාකාපු මිනිස්සුන් කියලා.ඔවුන්ගේ ලේ වලත් තිබෙන්නේ මහබැංකුවේ හොරා කාපු සල්ලි. අපි මේ රටේ ආර්ථිකය වැටෙන්න දුන්නේ නැහැ. එය ස්ථාවරව පවත්වා ගන්න කටයුතු කලා . අපිට ලැබුණු වට්ටපු ආර්ථිකය අතිගරු ජනාධිපතිතුමාගේ නිවැරදි තීන්දු තීරණ නිසා මාස දෙකක් වැනි සුළු කාලයකදී නැවත ගොඩනඟා ගත්තා. සරල බදුක්‍රම හරහා තමයි අදටත් මෙම කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවත් මේ රටේ ආර්ථිකය රැකිලා තියෙන්නේ. අපි ජනතාවට කියනවා මේ රට අනිවාර්යෙන්ම දියුණු කරනවා කියලා. ඒ වගේම ඉදිරියට තියෙන ඡන්ද අපි නියතවම ජයග්‍රහණය කරනවා කියලා කියනවා.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

12,370 views

20 Comments to “වැටනු ආර්ථිකය අපි මාස දෙකෙන් ගොඩ ගත්තා.. ජනතාව බලාපොරොත්තු වන රට අපි හදනවා..”

  1. Jony Batta says:

    Aarthikaya goda gaththai kiyanne, aarthikaya watuna bawa mung piligena thibenawa. Kata boru kiyuwath, ata nathiwunath Diva boru kiyanne nahai kiyanne mewata thamai !

  2. Truth says:

    ජොනී යනු රාජපක්ෂ පවුලේ තවත් එක සුරතල් කුක්කෙක් පමණයි.

    රාජ්‍ය විනාශය කරා ගෙන යන දූෂිත අසාර්ථක අකාර්යක්ෂම දේශපාලනයේ සංකේත වන පොහොට්ටුවන් සහ යහපාලුවන් එකට තබා පලවා හරිමු.

  3. පැන්ඩෝරා පේපර්ස් says:

    ඔව් බන් උබලට මංතීරු හදපු එකනං හොදටම කලා චන්දයක් ලංවෙලා රටේ ගව සම්පතට , ගල් බාගයයි , තව මොනා හරි ටිකක් බෙදලා දාපල්ලා ,අපේම බදු මුදලෙන් , චන්ද ටික ගන්න පුලුවන් කිසි අවුලක් නෑ. 😂😂

  4. EX Bankers says:

    කබිරාල් මහබැංකු අධිපති කාලෙත් උගෙ අක්කා බැඳුමිකර ගේම දීපු ඇලෝසියස්ගෙ පර්ෆෙචුවල් ට්‍රෙෂරීස් කොමිපැණියෙ අධ්‍යක්ෂක. ඒත් කබිරාල් ඒක වරදක් හැටියට දකින්නෙ නෑ. එය කොතරම් සදාචාර විරෝධිද? ඌ නැවත මහබැංකු හැටියට පත්කළ එකා හෙළුවෙන් වෙන්න ඇති ඉන්නෙ. රජකාලෙ නමි මුං උල තියනවා සිකුරැයි.

  5. saman says:

    ජොනී යනු රාජපක්ෂ පවුලේ තවත් එක සුරතල් කුක්කෙක් පමණයි.

    රාජ්‍ය විනාශය කරා ගෙන යන දූෂිත අසාර්ථක අකාර්යක්ෂම දේශපාලනයේ සංකේත වන පොහොට්ටුවන් සහ යහපාලුවන් එකට තබා පලවා හරිමු.

  6. lol says:

    muu hithan inne young generation ekath muu wage patta mati kiyalada.

    haaaaa haaaaaaa

  7. Mtmmanvar says:

    Jhoni tamusela masa 2n goda gathte kohe aartikayada oyy. Samithage aarthikenam kalayak godademma kiyala am dannawa.

  8. Open mind says:

    වයඹ ඩිස්ටිලරීස් ගැන වෙන්න ඇති කියලා තියෙන්නේ. බදු නිදහස දුන්නාලු නේද ?

  9. සමනලයා says:

    සමිත වගේ වැස්සියෙකුට ළමයෙක් වදාපු එකෙකුගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

Leave a Comment

Main News