වැටලීම් තවත් දැඩි කරන්න ආහාර, ඖෂධ පරික්ෂකවරුන් බඳවා ගනී…

November 13, 2016 at 2:09 am | lanka C news
වැටලීම් තවත් දැඩි කරන්න ආහාර, ඖෂධ පරික්ෂකවරුන් බඳවා ගනී…

ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් නව ඖෂධ මිල පාලනය පිළිබද දැනුවත් කිරීෙමි රැුස්වීමක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙහිදී ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට නව පනත යටතේ බලය පැවැරීෙමි ලිපි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පිරිනමන ලදි.

මෙහිදි අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පාලනය ඇති කිරීමෙන් පසු ආරම්භ කළ මහජන පැමිණිලි ඒකකයට පැමිණිලි 150 කට අධික සංඛ්‍යාවක් ෙමි වනවිට ලැබී තිබෙනවා. එම පැමිණිලි පිළිබද විමර්ශන ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර තිබීම පිළිබදව මම සතුටට පත්වනවා. ඖෂධ මිල පාලනය ක‍්‍රීයාත්මක කිරිම පැය 48 කින් අවසන් කරන්න බැහැ. ඊට සති 45 ක් විතර යයි.

අපේ රටේ විශාල අයවැය හිඟයක් සහ ඩොලර් බිලියන ගණනක ණය බරක් තිබෙනවා. එම නිසා අයවැය ලේඛණයට කීයක් හරි එකතු කර දිය යුතුයි. එම වැඩපිළිවෙල තමයි මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආරම්භ කර තිබෙන්නේ. එම නිසා තමයි හොද ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්නේ. ජනතාව මෙම වැඩපිළිවෙල තේරුම් ගත යුතුයි. මෙම ඖෂධ ප‍්‍රතිපත්තිය හදිසියේ ඉදිරිපත් කළේ ඇයි ද කියා සමහරු අහනවා. හදිසි නොවුනහොත් බලපෑම් එල්ල වෙනවා. මිල සූත‍්‍රය ඉදිරිපත් කළ අවස්ථාෙවි දී වෙළෙද ව්‍යාපාර නතර කරන බව ප‍්‍රකාශ කළ ඖෂධ සමාගම් තවම දේශීය වෙළෙදපොලේ ව්‍යාපාර කටයුතු සිදු කරනවා. එම සමාගම් මිල පාලනයට පෙර සියයට 400-600 දක්වා ඖෂධ වලින් ලාභ ලබා තිබෙනවා. පැරසිටමෝල් වර්ගයක් දේශීය වෙළෙදපොලෙන් ඉවත්වන බව මාධ්‍ය මගින් ප‍්‍රකාශ කර තිබුනා. නමුත් එම සමාගමත් ඖෂධ මිල පාලයට ෙමි වනවිට සම්බන්ධ වී සිටිනවා. හැබැයි එම සමාගමට නැති රුදාවක් ඇතැම් පුවත්පත් කර්තෘවරුන්ට තිබෙනවා. එවැනි කර්තෘවරුන් ගැන මම හොදට දන්නවා.

ප්ටෙන්ට් අයිතිය සහිත ඖෂධවල මිල පාලනය කර නැහැ.  එම ඖෂධවල කාලය වසර 20 ක් ගත වූ පසු මිල පාලනයට යටත් වෙනවා. ඖෂධ මිල පාලනයෙන් නීති විරෝධී ආනයන සිදු වන්නේ නැහැ. ඇතැම් මාධ්‍යවල එවැනි පුවත් පළ වුවත් එය බොරුවක්. ක්ෂණික වැටලීමක් සිදු කිරීම ආරම්භ කළ විට මිල පාලනය ස්වයංව ආරම්භ වෙයි. ධර්ම දේශණා වැඩක් නැහැ. එමෙන්ම දැනට සිටින ආහාර හා ඖෂධ පරික්ෂකවරුන්ගේ සංඛ්‍යාව ප‍්‍රමාණවත් මදි. එම නිසා වැටලීම් ශක්තිමත් කිරිම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමුකර ආහාර හා ඖෂධ පරික්ෂකවරුන් බදවා ගැනීමට කටයුතු කරනවා.” යැයි ද පැවැසිය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී කමල් ජයසිංහ මහතා, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

3 views
Main News