වැට් පනතට ඡන්දය නොදුන් මැති ඇමතින්ගෙන් අගමැති නිදහසට කරුණු විමසයි..

October 30, 2016 at 6:48 pm | lanka C news
වැට් පනතට ඡන්දය නොදුන් මැති ඇමතින්ගෙන් අගමැති නිදහසට කරුණු විමසයි..

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සදහා පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීම සදහා සහභාගී නොවුනු ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ තීරණය කර ඇත.

එම ඡන්ද විමසීමට නොපැමිනි මැති ඇමැතිවරුන්ගේ නාමලේඛනය අගමැතිවරයා වෙත ලබා දුන් බවත් මැති ඇමැතිවරුන් 34 දෙනකුගේ නම් එහි ඇති බවත් ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

ඉන් 20 දෙනකු නිල කටයුතු සදහා විදේශගතව සිටි බවත් සිව් දෙනකු පමණ අසනීපයෙන් සිටි බවද පවසන ඇමතිවරයා ඉතිරි මන්ත‍්‍රීවරුන් 10 දෙනකු පමණ ඡුන්ද විමසීමට නොපැමිනයේ මන්දැයි නිදහසට කරුණු විමසනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියයි.

23 views
Main News