වැට් පනතට ශ්‍රීලනිපය පක්‍ෂ වේ..

September 20, 2016 at 8:40 am | lanka C news
වැට් පනතට ශ්‍රීලනිපය පක්‍ෂ වේ..

රජය විසින් නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ක්‍රියාත්මක කිරීමට යන වැට පනතේ අඩoගු යෝජනාවන් සඳහා රජයට එකතුවී අමැතිකම් ලබා සිටින ශ්‍රීලංකා නිදහස් පක්යේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සහයෝගය මත අනුමත කරගන්නා බැව් අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.

සිල්ලර සහ තොග වෙළෙඳම් සඳහා මුලින් යෝජනා වුනු වාර්ෂික පිරිවැටුම මිලියන 12 සිට 50 දක්වා වැඩි කිරීමට සහ රෝගීන් සඳහා යෝජනා කල වැට් බදු සoශොධනය කිරීමට රජය එකඟ වූ බැවින් දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයට එයට විරුද්ධව සිටීමට හේතුවක් නැති බැව් ඔහු තවදුරත් පැවසීය.

එහෙත් මෙම යෝජනාවන් නිසා රටේ සමස්ථ ජනතාවටම සිදුවන හානිය සම්බන්ධයෙන් තවදුරත් විරුද්ධ වන බැව් පොදු විපක්ෂ කණ්ඩායම ප්‍රකාශ කරන අතර ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායමද එම ස්ථාවරයේ පසුවෙයි.

ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායමක් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර පෙත්සමක් සලකා බැලිමෙන් අනතුරුව රජයට දන්වා සිටියේ වැට් පනත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරන ලෙසයි.

4 views
Main News