වැට් බද්ද 15%ක් කරන්නැයි IMF දන්වයි…
March 14, 2022 at 5:30 pm | lanka C news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකා රජය විසින් ලබාගන්නේ නම් ප්‍රධාන නිර්දේශයක් ඉටුකල යුතු බවට ඔවුන් විසින් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
සියලුම භාණ්ඩ හා සේවා වන්නට අදාලව 15%ක් දක්වා වැට් බද්ද ඉහළ නැංවිය යුතු බවට මෙසේ නිර්දේශ කර ඇතැයිද සදහන්ය.
දැනට එම බද්ද 8% ක ප්රතිශතයක පවතින්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි එම මට්ටමට පසු පහත දැමීමෙන් පසුවය.
විනියම අනුපාතික පාලනයෙන් රජය බැහැර වීමද එම අරමුදලේ කොන්දේසියක් වන අතර රජය දැනටමත් එම කටයුත්ත සිදු කර ඇත.
redde IMF kondesi
ape aya balala eka wadi kare
IMF යන්න උනේ අපේ වැරැද්ද නිසා.
අපේ වැරදි එසේම තියෙද්දි IMF එක අපිට සල්ලි දුන්නොත් අපි ඒ ටිකත් කාබාසිනියා කරල දානවා.
අපි VAT අඩු කරේ රජයේ ආදායම අඩු වෙලාවක. VAT අඩු කරපු නිසා පඩි ගෙවන්න කත් ආදායමක් නැති උනා. ඉතින් ණය අරන් පඩි ගෙවුවා.
අන්තිමේ ණයේ පොලිය ගෙවන්න වත් සල්ලි නැති වුනා.
ඔය කිරි පුතා වගේම ලෝක බැන්කුවෙ ප්ලග් එක ගලවන බටහිර කුමන්ත්‍රණ ඇමරිකා ආක්රමන වගේ ගුලි කාපු ගොඩක් වහල්ලු නිසා තමා අද රට මේ තත්වෙට පත් උනේ ලෝක බැන්කුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආසියානු සන්වර්ධන බැන්කුව වගේ පිලිගත් මූල්‍යායතනවලින් ණය ගන්නෙ නැතුව ඊට වඩා හය හත් ගුනයක් වැඩි පොලියට වාණිජ ණය අරන් සුදු අලි දේශපාලන සන්දර්ශන දාද්දි එව්වට ආයුබෝ වේවා මහරජානෙනි කියල ආවැඩුව දැන් බඩට බත් නෑ
හැමදේම පිනට කන්න බලන් උන්නු ජනතාවක් ටකරන් කොල ලැට් කටවල් පෙන්නල දේශපාලනයට ඇවිත් ජනතා මුදලින් සැප වින්ද නීලකාස හොරු රැලක් ඒ සියල්ල පවු පින් උරුම කරුම වලින් වහල ගහට පොත්ත වගේ සෙට් වෙලා සැප වින්ද ගනින්නාන්සේලා ටිකක් එක්කහු වෙලා රට මෙතනට ගෙනාව දැන් ඉතින් විදවන්න වෙනව වපුරපු අස්වැන්න
එතකොට රජයේ සේවකයන්ට රුපියල් 20000කින් පඩි වෙඩි කරන්න කියල හා තීරුබදු වාහන ගෙන්නලා දෙන්න කිඋවේ නෙද්ද
රට නැවතත් ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .
ඥානක්කාට කියල ඩොලර් මවල ද?
සමාජවාදට කියන්නෙ ඒකාධිපති පක්ශයකින් රටක් පාලනය කරණ ක්‍රමයක්. සමාජවාදී පක්ශයේ නායකයා රජා වගේ ඉන්නෙ. මිනිස්සු වහල්ලු වගේ ඉන්නෙ. පක්ශය හෝ නායකයාව විවේචනය කලොත් ද්‍රෝහියෙක් ලෙස නම් කර දඩුවම් දෙනවා. සුදු වෑන් එපා කියලා සමාජවාදය ගෙනල්ල ඉල්ලන් කන්න හදන්නෙ ඔයා.
මේ ආණ්ඩුව බලයට පත්වුණ ගමන් vat එක 15% තිබුණ එක 8% අඩු කලා. payee tax, NBT, withholding tax, capital gain tax, සහ bank debit tax නැති කරලා කෝටිපති ව්‍යාපාරික පැලැන්තියට වසරකට රුපියල් කෝටි 70000/- ක අනවශ්‍ය ලාභයක් හදල දීල දුප්පත් මිනිහගෙ බැංකු පොලිය 3% අඩු කෙරුවා. කෝටි පතියො ලැබුණ වාසිය ඩොලර් වලට හරවලා අවුරුද්දකට ඩොලර් බිලියන 3 විතර පිටරට වෙළඳපොළ වල ආයෝජනය කලා. ඒක නිසා තමයි අපිට ඩොලර් නැති වුණේ
ඒ සියල්ල ඇත්ත. කබරාල පුන පුනා කීවේ බැංකු පොලිය අඩුකලේ රජය බැංකු වලින් ගත්ත ණයට අඩු පොලියක් ගෙවීමේ වාසිය රජය ලබාගැනීමට කියල.අසරණ මිනිසුන්ට අමාරුවෙන් ඉතිරිකල මුදලේ වටිනාකම නැතිකලා. තිරිසන් ආණ්ඩුවක්.