වැට් වැඩිකිරීමෙන් කෝටි 180යි.. ඇමතිලාට කාර් ගෙන්න කෝටි 117යි.. අගමැතිගේ කාර් එකට කෝටි 30යි.. වැට් නවතන සූත්තරේ අනුර කියයි..

October 27, 2016 at 2:10 pm | lanka C news
වැට් වැඩිකිරීමෙන් කෝටි 180යි.. ඇමතිලාට කාර් ගෙන්න කෝටි 117යි.. අගමැතිගේ කාර් එකට කෝටි 30යි.. වැට් නවතන සූත්තරේ අනුර කියයි..

වැට් බදු ඉහල නැංවීම තුලින් උපයා ගැනීමට බලාපොරොත්තුවන රුපියල් කෝටි 180ක මුදල උපයා ගත හැකි පහසුම මගක් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ වැට් පනත විවාදයට එක්වෙමින් හෙලි කලේය.

ඔහු යෝජනා කලේ ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සදහා පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කරගන්නා ලද රුපියල් කෝටි 180 හා අගමැතිවරයාට වාහනයක් ගෙන්වීමට වෙන් කර ඇති රුපියල් කෝටි 30ක මුදල නවතා දැමුවහොත් වැට් බද්ද වැඩිකිරීම අතහැර දැමීමට හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

14 views
Main News