වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

April 8, 2020 at 8:40 am | lanka C news
වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..

වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන ලෙස රජයට බල කරන බව රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ඔහුගේ නිවසේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් ඒ බැව් කියා සිටිහ.

පාර්ලිමේන්තුව යලි කැදවිම තුලින් විශාල මුදලක් වැය වන බවත්, රටේ ජනතාව පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලිම් නොකරන බවත්, රටේ ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැලැක්විමට අවශ්‍යය පියවර ගන්නා ලෙසත් ජනතාවට සහන ලබාදෙන ලෙසත්ය.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමට රජය ගෙන යන වැඩපිලිවෙලට රටේ ජනතාවගේ ප්‍රසාද ලැබි ඇති බවත්, ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජය කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැලැක්විමට මේ වන විට දැඩි පියවර ගනිමින් සිටින බවත්, එම අභියෝගයට රජය මුහුණ දිමට සුදානම් බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

181 views

27 Comments to “වැටුප් සහ වරප්‍රසාද ලබා ගැනිමේ අරමුණින් හිටපු විපක්‍ෂ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව යලි කැදවන්නැයි බල කරයි..”

  1. Sisil Dhanesha says:

    Parliament will be closed for 5 years. President can control every things with Forces and Government officers

  2. sanasuma says:

    පාර්ලිමේන්තුව කැදවීමෙන් තත්ත්වය අවුල්වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. එතකොට රටේ වෙද්දු වැඩි වෙනවා. මේ තියෙන විදියහවත් නැති වේවි. පුළුවන්නම් මානසික ආතතියෙන් ඉන්න මිනිස්සුන්ට අන්තර්ජාල පහසුකම්වලට අමතර GB ටිකක්වත් දෙන්න. නැතිනම් මේ වෙලාවේ හැටියට ඒක නොමිලේ දෙන්න. පාඩු නෑ.

  3. Raj Fernando says:

    President and the Prime Minister have already decided and announced that re-opening of the parliament is not necessary. So the matter is now closed.

  4. Sun says:

    This way is better rather than spending money on useless parliamentarians who knows nothing other than looking for ways of filling pockets and doing business by using the name.

  5. Devaka says:

    කොහොමද බං මේ දවස් වල ගෙදර මීටිමක් තිබ්බෙ? අනිත් අතට දේ දවස්වල රාජ්‍ය අමාත්‍යවරු කියල පිරිසක් ඉන්නවද? මටනම් සැකයි.

  6. Devaka says:

    කොහොමද බං මේ දවස් වල ගෙදර මීටිමක් තිබ්බෙ? අනිත් අතට මේ දවස්වල රාජ්‍ය අමාත්‍යවරු කියල පිරිසක් ඉන්නවද? මටනම් සැකයි.

  7. Boo says:

    පාර්ලිමේන්තුව කැඳවීම අත්‍යවශ්‍ය නම් එම කැඳවීම හරහා කිසිම වැටුප් හෝ දීමනා නොගෙවිය යුතුයි. රටේ යහපත සඳහාම පමනක්ම නම් පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නෙ එවිට ඔවුන් වැටුප් නොඉල්ලා සිටිය යුතුයි. විශ්රාම වැටුප් සඳහා එම පැමිනීම වලංගු නොවිය යුතුයි. එතකොට බලන්න පුලුවන් කී දෙනෙකුට ඇත්තටම පාර්ලිමේන්තුව කැඳවා මේ ප්රස්නය විසඳන්න කැක්කුමක් තියෙනවද කියලා.

  8. Gamaya says:

    ගු ඇම් පී බණ්ඩාරිගොඩය කියනවා බැසිල් මන්ත්‍රී කෙනෙක් වත් නෙමෙයි සභාපති කම දුන්නේ කොහොමද ලු. අපෝයි උබලගේ කෙරුවාව අවුරුදු 5 කට කිට්ටු වෙන්න දැක්කනේ. මන්ත්‍රී කියන ඩිග්‍රිය දෙන දියවන්නා යුනිවර්සිටිය ගැන අපි හොඳටම දන්නවා. නිකන් බුරන්නේ නැතුව උම්බෑ කියකිය හිටපන්කෝ.

  9. Eiffel says:

    ආයෙත් කියන්නෙ ඔය දේශද්‍රෝහී පාර්ලිමේන්තුව රැස් කරන්න එපා.. ඕකෙ ඉන්න බහුතරය වදාපු අම්මට ද්‍රෝහීවන පරගැති හැත්ත.

    අනික ඕකෙ ඉන්න බහුතරයකට මොලේ නෑ.. එහෙව් පාර්ලිමේන්තුවකින් තීරණ අරං මොනවද රටකට කරන්න පුළුවන්..

    ඔකෙ ඉන්න උන් පාස්කු ප්‍රහාරය හැඩල් කරපු හැටි අපි දැක්කා..

    අනික ඔය සුදු අලි ටිකට රැස් වෙන්න දවසකට කෝටි ගානක් වැය වෙනවලු.. ඒකෙන් රෝගීන් කීයක් බේරගන්න පුළුවන්ද?

    ජනාධිපතිතුමා දන්නවා මොනවද කරන්න ඕනා කියලා.. ඔය නූගත් දේශද්‍රෝහීන්ගෙ උපදෙස් නැතුවට..

  10. හෙලයා says:

    ඔය පාර්ලිමේන්තු අටමගල කොහොමටවත් නැවත අරින්න එපා.. ඔය දේශපාලු පිස්සන් බලා ගන්න පොලිසිය යොදවන්නයි, තව වරප්‍රසාද සහ පඩි ගෙවන්නයි තව ඕකුන් ටීවී බදුඅරන් මෝඩ චූන් අපිට බලන්නයි, කරුම යාගෙ නීති ගැට සහ නිවේදන අහන්නයී..බුදුඅම්මෝ මතක් වෙනකොටත් එපා වෙනවා..

Main News