වැට උඩ නැග සටන දිනයි.. දයාසිරිට නැවත පඬුවස්නුවර ආසනය..

April 11, 2017 at 11:20 am | lanka C news
වැට උඩ නැග සටන දිනයි.. දයාසිරිට නැවත පඬුවස්නුවර ආසනය..

කුරුණෑගල දිස්ත‍්‍රික්කය සදහා නව ආසන සංවිධායකවරු සිවු දෙනෙක් හා දිස්ත‍්‍රික් සංවිධායකවරු තුන් දෙනෙකු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

ඇමති දයාසිරි ජයසේකර මහතාට ඔහු කලින් දරන ලද පඬුවස්නුවර ආසනයම ලබා දී ඇත.

මීට පෙර ඔහුට බිංගිරිය ආසයන ලබා දීමට යෝජනා කර තිබූ අතර ඊට විරෝධය පාමින් ඇමතිවරයා උත්සව සභාවෙන් නැගිට ගියේය.

පඬුවස්නුවරට දයාසිරි ජයසේකර, බිංගිරියට ධර්මසිරි දසනායක, පොල්ගහවෙලට ජයරත්න හේරත්, කුරුණෑගලට ලක්ෂ්මන් වෙඩරුව ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකයින් ලෙස පත් කර ඇති අතර නව දිස්ත‍්‍රික් සංවිධායකයන් වන්නේ අනුරාධ සම්පත් හේවගේ, ගුණදාස දෙහිගම, එම්.එස්.එම්. ෆාහිම් යන මහත්වරුන්ය.

6 views

2 Comments to “වැට උඩ නැග සටන දිනයි.. දයාසිරිට නැවත පඬුවස්නුවර ආසනය..”

  1. Boo says:

    ඒ කියන්නේ අපේ ජනාපති දැන් රටේ කොහොම වෙතත් හරියට පක්ෂේ ඇතුලේ තීරණයක් වත් ගන්න බැරි තරම් දුරුවල එකෙක්ද? ඉතින් සුද්දෝ ඉස්සරහ මිනිහ මොනතරන් පීචං වෙනවා ඇත්ද, ඕකේ සර් , ඉයස් සර් කිය කියා.

  2. Lolla says:

    Mahathwaru or Mahath Horu ?

Main News