වැඩවර්ජන පරාද කරන්න අපට පුළුවන්..
December 4, 2016 at 6:48 pm | lanka C news
අනවබෝධය නිසා වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වූ බවත්, වැඩවර්ජන පරාද කිරීමට හැකියාවක් ඇති බවත්, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි.
කළුතර මහ රෝහලේ පසුගියදා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදි.
‘මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍යවරයා, මහා භාණ්ඩාගාර ලේකම්වරයා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ මම වෘත්තීකයින්ට පනවා ඇති බදු මුදල් පිළිබදව විශේෂ සාකචිඡුාවක් පැවැත්වූවා. එම බදු මුදල් වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා වර්ජනයක් දියත් කර තිබුනේය.
කිසියම් වෘත්තිකයෙකු රුපියල් ලක්ෂයක් දක්වා වැටුප් ලබාගැනීෙමි දී සියයට 04 ක බදු මුදලක් ලබාගැනීමට අයවැය යෝජනා මගින් ප්‍රකාශ කළා. මීට පෙර වෘත්තිකයෙකුගේ මූලික වැටුප වුයේ රුපියල් 62,500 ක්. ෙමි වනවිට සම්පුර්ණ වැටුප රුපියල් ලක්ෂය ඉක්මවනවා. විශේෂයෙන්ම වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවා ඉටු කරමින් රුපියල් 50,000 කට වැඩි ආදායමක් ලැබුවහොත් සියයට 04 ක බදු මුදලක් අය කර ගැනීමට අයවැය යෝජනා මගින් යෝජනා කෙරුනා. වැටුපට එකතු කරන බදු සහ දෙවන ආදායමෙන් ලබන බදු දෙකම එකතු කර බදු අය කර ගැනීමට රජය සුදානම් වන බවට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කළා. නමුත් මම ඔවුන්ට පහදලා දුන්නා එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. ඉන් පසු පසුගිය (01) දින රාත්‍රීයේ මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකචිඡුාෙවි දී මුදල් අමාත්‍යවරයා ඒ පිළිබදව ඔවුන්ට කරුණු පැහැදිලි කළා. ඉන් පසු ඔවුන් බදු අයකර ගැනීෙමි ක්රමෙවිදය පිළිබදව දැනුවත් වුනා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නොදැනුවත්කම හේතුවෙන් අසරණ රෝගීන් දසදහස් ගණනක් අසීරුතාවයට පත් කරමින් වැඩවර්ජනයක නිරත වීම විශාල අපරාධයක්. ක්ෂණික වැඩවර්ජනවලට වඩා සාකචිඡුා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගත යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති පුරුදු වී සිටිනවා කළින් වර්ජනය කර පසුව සාකචිඡුා කිරීමට. එය වැරදියි. ඔවුන් අසරණ රෝගීන් බිල්ලට ගෙන වර්ජනය කරනවා. ඔය වැඩවර්ජන පරාද කිරීමට අපට පුළුවන්. නමුත් රෝගීන්ගේ ජිවිත දෙස බලා අපි එවැනි දෙයක් කරන්නේ නැහැ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් කළේ කිසිම තේරුමක් නැති වැඩවර්ජනයක්. ඔවුන්ට රජය පාලනය කරන්නත් බැහැ. යහපාලන රජය සාධාරණ ලෙස වැඩ කරනවා’
– නිපුන් ඒකනායක