වැඩිපුරම තෙල් හොරකම් කලේ තෙල් සංස්ථාවයි.. බවුසර පිටින් තෙල් ඇද්දා..

August 16, 2022 at 3:20 am | lanka C news
වැඩිපුරම තෙල් හොරකම් කලේ තෙල් සංස්ථාවයි.. බවුසර පිටින් තෙල් ඇද්දා..

ලංකාවේ වැඩිපුරම ඉන්ධන හොරකම් කළේ තෙල් සංස්ථාව තුළින්ම බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

තෙල් සංස්ථාව ඉහල පිරිස් විසින් තෙල් බවුසර ගණන් හොර පාරේ ඇද්ද බවත් ඔහු පැවසීය.

පිරවුම් හල් නැති තැන්වලටට ද ලියා පදිංචි කර ඒවාට තෙල් බවුසර් යවා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

26,517 views

8 Comments to “වැඩිපුරම තෙල් හොරකම් කලේ තෙල් සංස්ථාවයි.. බවුසර පිටින් තෙල් ඇද්දා..”

  1. cw says:

    අයියෝ චමුදිත, සාක්ෂි හරියට නොදැන මොනවද මේ වෙලාව කන මාධ්‍ය සන්දර්ශන?

    • Susantha says:

      සාක්ෂි නැතුව නං කියනෙ ඔය නම් කීපයක් ම සඳහන් උනානේ උන්ට කියපන්කො ගිහින් නඩු දාන්න කියලා, තොටත් කොටසක් හම්බ හම්බවෙලා වගේ හොරාකාපු එවුන්ගෙන්

  2. Palitha says:

    පාරිභෝගියන් ගෙවන මුදලට සරිලන ලීටර ප්‍රමාණය නොලැබීම සංස්ථාව හා පිරිවුම් හල් එකුව කරන ජාවාරමක් ද?

  3. Gamini says:

    Aluth dayak namai dannawa rajay savakayo thamai gama karayo

  4. Lalla says:

    ඒක තේරුම්ගන්න මෙච්චර කල් ගියාද? නැතිව හවුලේ කෑවද?.මොනව වුනත් සිපෙට්කෝ පුද්ගලික අංශයට භාර දිය යුතුමයි.ලංවිමත් එසේමයි. ටෙලිකොම් ආයතනයට කල දේම ඔය දෙකටම කල යුතුයි. වෘත්තීය සමිතිවලට තියෙන අසීමිත බලය නිසා ආයතන මහජනතාව අමතක කර තමන්ට සේවය සලසාගන්නවා.ඒක පිළිකාවක් වගේ. ඔය ආයතන වල වෘත්තීය සමිති විනාශකාරීයි.

  5. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    සිස්ටම් චේන්ජ් එකට හොද උදාහරණයක්

  6. දියසේන කුමාරයා says:

    මේ අසාධාරණ සෝබන අරගලය තුල දියකර හරින්න එපා.
    දේශපාලන කොමිස් ගැහිලිවලට, මංකොල්ල කෑම් වලට, නිලධාරී කොමිස් ගැහිලිවලට මංකොල්ල කෑම් වලට එහෙරිව.
    පලදායී වියාපාර කිරීමට බාධා ඇතිකරන සහ ඒවායින් කොමිස් සහ කප්පන් ඉල්ලන දේශපාලන සහ නිලධාරී පැලැන්තියට එහෙරිව.
    පාරම්පරික දේශපාලනය සහ දේශපාලන පරම්පරා ඇතිකීරීමට එරෙහිවන.
    බලවත් කමට ධනවත් කමට යටනොවන සැමට එකසේ සාධාරණ නීතියක් උදෙසා වන නව අරගලයකට දැන්වත් .මුලපුරමු!

  7. daya says:

    ආනන්ද පාලිත මහත්තයෝ ඒවා දැක්ක ගමන් පොලිසියට කියන්න තිබුණා. මානව හිමිකමි යන්නත් තිබුණා. මාධ්‍ය සංදර්සන ඔනැනෑ .මේ වෙලාවෙ රට වෙනුවෙන් කරන්න තියන දෙයක් කරලා පෙන්වන්න. එහෙම නම් අපි ඔබ සමගයි.

Main News