වැඩිම ආසාදිතයන් වැඩිම මරණ ඉන්දියාවෙන්.. කොරෝනා කේන්ද‍්‍රය ඇමරිකාවෙන් ඉන්දියාවට..

August 11, 2020 at 6:48 pm | lanka C news
වැඩිම ආසාදිතයන් වැඩිම මරණ ඉන්දියාවෙන්.. කොරෝනා කේන්ද‍්‍රය ඇමරිකාවෙන් ඉන්දියාවට..

ඊයේ දිනයේදීම වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ ඉන්දියාවෙනි.

එරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයෙන් 53000 ඉක්මවයි.

ලොව වැඩිම මරණ ප්‍රමාණය ද ඊයේ දිනයේ දී වාර්තා වූයේ ඉන්දියාවෙන් වන අතර එය 900ට ආසන්න අගයක් ගනියි.

අද වන විට ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 22 ඉක්මවන අතර මරණ ප්‍රමාණය 45,000 ඉක්මවා තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්තා පළ වන්නේ මේ වන විට කොරෝනා කේන්ද්‍රය ඇමරිකාවේ සිට ඉන්දියාවට මාරු වීමෙන් නැති බවයි.

5,321 views
Main News