වැඩිම තරග පාවාදෙන ක‍්‍රීඩකයන් ඉන්නේ ශ‍්‍රී ලංකාවේ..- ICC යෙන් දැනුම් දීමක්..

June 27, 2020 at 9:20 am | lanka C news
වැඩිම තරග පාවාදෙන ක‍්‍රීඩකයන් ඉන්නේ ශ‍්‍රී ලංකාවේ..- ICC යෙන් දැනුම් දීමක්..

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවාදෙන තරගකරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තමනට දැන්වූ බව හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

2011 අවසන් මහ තරගය පාවාදීමක් වූයේ යයි සැක බවට තමන් කල හෙලිදරවුවෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් තමනට විද්‍යුත් ලිපියක් එවූ බවත් එහි මේ බව සඳහන්ව තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය ගැන තමන් කණගාටු වන බවත් මෙම කටයුතු නැවැත්තුවේ නැතිනම් ශ්‍රී ලංකාවට කිසිදිනෙක ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

575 views

25 Comments to “වැඩිම තරග පාවාදෙන ක‍්‍රීඩකයන් ඉන්නේ ශ‍්‍රී ලංකාවේ..- ICC යෙන් දැනුම් දීමක්..”

  1. දුටුගැමුණු says:

    1815 දී මුලු ශ්‍රී ලංකාව ම සුද්දන් ට පවා දීපු එවුන්ට ඕක මොන කජ්ජක් ද ?

  2. Chamith Perera says:

    මහින්දානන්ද 100% පිරිසිදු පොරක්නේ. හෝමාගම පිට්ටනිය හැදුවනම් මේ මොකුත් නෑ.

  3. B. anthony says:

    සංගක්කාර මෙවර අයි සී සී ඉහල පුටුවකට තරග කරනවා. ඒකට තරග කරන අනෙක් රට ඉන්දියාව. ලංකාවට දූෂණ චෝදනාව ආවොත් වැටෙන්නෙ ලංකාවෙ සංගක්කාර. මේ චොදනාව මේ වෙලාවෙ ඉදිරිපත් කළේ ඒ කාරිය කරන්න වෙන්න බැරිද? මොකද අදාල පුද්ගලයාගේ පෙර වැරදි බැලුවාම ජරාවට බර බව කවුරුත් දන්නවානෙ. ඉන්දියාව කියන්නෙත් ඒ වගේ ගූ වැඩ වලට කප් ගහපු රටක් නෙ.

Main News