වැඩි මිල ඖෂධ මාස එකහමාරකින් අඩු කරනවා.. ඉන් පසු තවත් මිල අඩු කරනවා..

September 24, 2016 at 6:48 pm | lanka C news
වැඩි මිල ඖෂධ මාස එකහමාරකින් අඩු කරනවා.. ඉන් පසු තවත් මිල අඩු කරනවා..

මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරු උත්සවය ඊයේ (23) පස්වරුෙවි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එය සංවිධානය කර තිබුනි.

මෙහිදී මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදු කරන ලදි. ඉන් පසු කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය ප‍්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය විසින්  ‘ආරක්ෂිත ඖෂධ භාවිතය හා ජයගත යුතු අභියෝග” යන මැයෙන් දේශණයක් පැවැත්වීය. ඉන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා විසින් ඖෂධ මිල අවම කිරිම සදහා ගත් ක‍්‍රීයාමාර්ග පිළිබදව කරුණු පැහැදිලි කරන ලදි. ඉන් පසු පවැති උත්සව සභාව ඇමැතූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ පැවැසීය.

අද දින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 47 ක මිල අඩු කිරීෙමි වැඩපිළිවෙල ආරම්භ කරනවා. ඒ පළමු අදියර යටතේයි. මෙහිදී දියවැඩියාව, හෘද රෝග සහ තවත් රෝග වලට භාවිත කරන අත්‍යාවශ්‍ය ඖෂධ 47 ක මිල අඩු කරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සභාපතිවරයා විසින් ඉන්දියාෙවි මිල අඩු කළ ආකාරය සැළකිල්ලට ගෙන මෙම මිල අඩු කිරිම සිදු කරනු ලැබුවා. උදාහරණයක් ලෙස හෘද රෝග සදහා භාවිතා කරන ඖෂධයක මිල රුපියල් 4000 ක් වුවහොත් එය රුපියල් 2000 දක්වා අඩු වෙනවා. තවත් මාස එකහමාරකට පසු මිල අධික ඖෂධ අඩු කිරිමට මම කටයුතු කරනවා. ඉන් පසු තවත් ඖෂධ වර්ගවල මිල අඩු කිරිමට පියවර ගන්නවා.”

වෙළෙදපොල ආර්ථිකය මම පිළිගන්නවා. ජනතා විමුක්ති පෙරමුණත්, පෙරමුගාමී පක්ෂයත් වෙළෙදපොල ආර්ථීකය පිළිගෙන තිබෙනවා. වසර 43 කට පසුවයි මිල අවම කිරීෙමි වැඩපිළිවෙල අද දින දියත් කරන්නේ. මෙය ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපිටම ලැඡු්ජයි. ඉන්දියාෙවි ඖෂධ වර්ගවල මිල අඩු කිරීෙමි වැඩපිළිවෙල ආරම්භ කළේ 2013 වසරේ දී. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරීන් ඉවත් කරනකොට සමහරු අහනවා එහෙම ඉවත් කරන්නේ කොහොමද කියලා. බලතල තියෙන්නේ මටයි. 2016 වසරේ ජුලි මස 02 ඖෂධ නියාමන පනත පාර්ලිෙමින්තුෙවි සම්මත කළ පසු මට අවශ්‍ය වුයේ අඩු මිලට ඖෂධ ජනතාවට ලබාදීමටයි. මහාචාර්ය සේනක බිබිලේට බනින්න පෙර ඖෂධ මිල අඩු කරන්න මට අවශ්‍ය වුනා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා එම තනතුරට පත් කරන විට විවිධ චෝදනා ඉදිරිපත් කළා. නමුත් ඒවා අසත්‍යයයි. ඖෂධ මිල අවම කිරීෙමි වැඩපිළිවෙල දියත් කරන විට ඖෂධ වානිජ මණ්ඩලය ප‍්‍රකාශ කර තිබුනා යුරෝපීය රටවලින් ගෙනෙන ඖෂධ වර්ග එම වැඩපිළිවෙලෙන් ඉවත් කරන්න කියලා. මම ඔවුන්ගේ ඉල්ලීමට සුදානම් වුනේ නැහැ. ඖෂධ හිඟයක් ඇති කරන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. ෙමි රටේ වැඩක් කරනවා නම් බැනුම් අහන්න ලැහැස්ති වෙන්න ඔිනි. මැරුණාම හොද කියන සංස්කෘතියක් තමයි ලංකාෙවි තිබෙන්නේ. සේනක බිබිලේට සළකන්න. උත්සව තියලා, බෝඩි ලෑලි උස්සගෙන කයිවාරු ගහලා වැඩක් නැහැ. සේනක බිබිලේ ප‍්‍රතිපත්තියයි අපි ක‍්‍රියාත්මක කරන්න ඔිනි.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

6 views

5 Comments to “වැඩි මිල ඖෂධ මාස එකහමාරකින් අඩු කරනවා.. ඉන් පසු තවත් මිල අඩු කරනවා..”

  1. පච ගාමිණී says:

    බොන් නැති බෙහෙත්වල මිල අඩු කරයි. එක්කෝ Expire වෙච්චි බෙහෙත් වෙන්න පුලුවන්.

  2. රෝගියා says:

    මූ අමුලික බොරු කාරයෙක්, හොරෙක් . කයිවාරුකාරයෙක් , මෛත්‍රීපාල සිරිසේන වගේම වැඩ බැරි ටාසන් කෙනෙක්.

  3. දතාගේ පුතා says:

    අපේ තාත්තා අමු පචයා ,

  4. නැව්ගිල්ල හොරාජිත says:

    අඩුකරලා අඩුකරලා අඩුකරලා අන්තිමටම බෙහෙත් ගන්න කෙනාට බෙහෙත් එක්ක සල්ලිත් දෙනවා.

  5. Dushantha says:

    පෑනඩොල් පෙත්තක දෑන් ගාන කීයද කියලා කියපන් දතෝ. ටොන් පචයා.

Main News