අගමැතිට සහාය පල කරන්නට සරල බහුතරයවත් නැති බව පෙන්වයි.. අගමැතිට පක්‍ෂ අත්සන් ලේඛණයට 100යි… රහස් ඡන්දයේදී කුමක් වේදැයි නොදනී..

March 23, 2018 at 9:20 am | lanka C news
අගමැතිට සහාය පල කරන්නට සරල බහුතරයවත් නැති බව පෙන්වයි.. අගමැතිට පක්‍ෂ අත්සන් ලේඛණයට 100යි… රහස් ඡන්දයේදී කුමක් වේදැයි නොදනී..

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට තව දුරටත් සහාය පල කිරිමේ යෝජනාවට මේ වන විට මැති ඇමතිවරුන් 100 දෙනෙකු අත්සන් තබා ඇති බව සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා සදහන් කරයි.

මේ තත්වය මත විශ්වාස භංග යෝජනාව පරාජය වන බව ස්ථිර යයිද ඇමතිවරයා සදහන් කරයි.

මෙම යෝජනාව අත්සන් කෙරෙමින් ඇත්තේ අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවට එරෙහිව අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පෙන්වීම සදහායි.

කෙසේ වෙතත් මේ දක්වා කිසිදු ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් අත්සන් තබා නැති අතර එම තත්වය තුල ආණ්ඩුවක් පවත්වාගෙන යාමට උවමනා 113ක බහුතරය පෙන්වීම දැඩි අබියෝගයක් වී තිබේ.

දැනට විදෙස්ගතව සිටින හා කොලඹින් පැහරව සිටින කිහිප දෙනෙකුම අත්සන් තැබීමට නියමිත යයි වාර්තා වුවද සම්පූර්ණ අත්සන් ගණන 112ක් නොවනු ඇතැයිද වාර්තා වෙයි.

විශේෂ කාරණාව වන්නේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගය සදහා රහස් ඡන්දයක් ඉල්ලු විට ඇති වන තත්වයයි. විශ්වාස භංගයට අදාල ක‍්‍රියාවලියේදී මෙම අත්සන් ලේඛණය කිසිදු නීත්‍යානුකූල වැදගත්කමක් උසුලන්නේ නැත.

53 views

17 Comments to “අගමැතිට සහාය පල කරන්නට සරල බහුතරයවත් නැති බව පෙන්වයි.. අගමැතිට පක්‍ෂ අත්සන් ලේඛණයට 100යි… රහස් ඡන්දයේදී කුමක් වේදැයි නොදනී..”

  1. නැවුම් මාවත says:

    ජාත්‍යන්තරය සමග ගනදෙනුකලහැකි එක්සත්ජාතික පක්ෂ නායකයන් අද නැත සිටින එකම චරිතය රනිල් වික්‍රමසිංහ මහතා පමණකි .මේ හෝරාවේ කලයුත්තේ අගමැති මාරු කිරීම නොව ඔහු වඩාත් ජාති හිතයිෂි මාවතක රැගෙන යාමයි .ඒ සඳහා ඔහුට සහය දීම දේශප්‍රේමී නායකයන්ගේ වගකීමයි .පාඨලී එම වගකීම හඳුනාගත් නායකයෙක් එක්සත්ජාතික පක්ෂයේ බබාලා සහ කුමන්ත්‍රණ කරුවන් තම නායකයාට විරුද්දව කුමන්ත්‍රණය කරද්දී පාඨලී අගමැතිට විරුද්ද විශ්වාස බන්ගයට සහය නොදෙන්නේ එනිසයි .එජාප නියෝජ්‍ය නායක කම ඔහුට ලබාදීමෙන් එජාපය ජයග්‍රහණ මාවතකට යොමු වනු ඇත

    • Niru says:

      He couldn’t even negotiate with Prabakaran properly. How can we expect him to negotiate with world leaders. Furthermore he is only number 2 in the government. His reputation both locally and internationally is gone. Unfortunately for UNP there is no second tier leadership because of this guy and his cronies. So UNP is doomed. Last rights will be held soon.
      One thing he got right was to get a Singapore national to break the bank. Sri Lanka government can’t touch him because of that!!

    • ගම් බයියා says:

      ඡන්ද 1000ක් ගන්න පුළුවන් එකෙක්ද බන් පාටලියා. 😀

      • Asaranaya says:

        නැවුම් මාවත්කාරයා චම්පකයගේ යටි පලුව වගෙ, එහෙම නැත්නම් stone කොල්ලෙක් විය යුතුයි

      • Saman lanka says:

        Poster nathiwa Patali chanda 100,000 pannanawa hemadama

    • sam says:

      Ohoma hari Sanasemu Neda ?

    • Notthischange says:

      Kauda ban Patali. ara sunakayada?

    • Kudda says:

      ඔහුට මොළයක් බද්ධ කිරීමේ සැත්කමක් කළහැකිනම් ප්‍රතිපලයක් ගැන සිතිය හැක

    • Gayantha says:

      Joke of the year ! Ane ban oya ranilawa kisima ratak piliganne nai ban. Waida bairi hora thakkadiyek kiyala lokema dannawa. Anthimata oka chineta baina baina eka assema ringuwai ekai. Anthimata oppu wuna mahinda mahaththaya giyapu para hari kiyala. Patali kiyanne depath nayek rajitha wagema. Kisima pakshekata wadda ganna narakai.

    • Gajaba says:

      Non of the politicians in this government are qualified to negotiate with the international community. What they know about international politics. Ponil does know anything. If he is such a great person, why did he allow Arjun to steal the Central Bank If you want negotiate with the international community please send Dr. Palitha Kohona, Dr. Dayan ayathilaka, Dr. Rajiv Weesinghe

  2. Samitha Gamage says:

    ඇයි මේ විරුද්ධ පක්ෂයේ ඉන්න අය රහස් චන්දයක් ඉල්ලන්නෙ… තමන් අවන්කව ආන්ඩුව ප්‍රතික්ෂේප කරනවනම් විවෘත චන්දයකදි තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන්… තමන්ගේ චන්දය සල්ලි මිටි වලට විකුණන අය සහ සල්ලි මිටි ගනන් විසි කරන්න බලන් ඉන්න අය තමයි හොරෙන් චන්දය දෙන්න අහන්නෙ.. මොකද ලන්කාවෙ නීතියට අනුව රහස් චන්දයක් පවත්වන්නට අවශ්‍ය කතානායක චන්දයකදි පමණයි..

  3. lasantha says:

    දැනට අගමැතිට පක්ෂව අත්සන් 100යි . කබීර් හෂීම්, හරීන් ෆ්රනාන්දු , තිලක් මාරපන, එස් එම මරික්කාර් ඇතුළු 15ක් විදේශ ගතවී සිටිනවා. එතකොට 115 යි. විශ්වාශ බංග නාඩකම ඉවරයි.

  4. WIdane says:

    Mona Sarala Bahutharada
    1 n Dinuwath Wiswasa Bange Paradai …Api Nodanna Politrics

  5. Gon Dila says:

    නැවුම් මාවත …. ගල් අඟුරු වංචා, කොල්ලෙක්ව හප්පා පලා යාම් මැර කම් ගිනි තැබුම් සම්බන්ධව නම කියවී ඇති එකෙක්ට ලංකාවේ අගමැටි කම දෙනවට වැඩ හොඳ නැද්ද සක්විතියට අගමැටි කම දෙන එක ?

    තොගේ කතා අහන්න ලංකාවේ ඉන්නේ පුන්නක්කු කන උන් කියලද බොල තෝ හිතන් ඉන්නේ ?

  6. රටවැසියා says:

    මේ යකා බටලන්දේ මිනීමරන එව්වා දිහා කෙල හල හල බලන් හිටිය ඒ මිනිහාම බව නැවතත් මිනිසුන්ට මතක් වේවා.

  7. Vasana says:

    බලන්න අනුන්ට කලදේ තමන්ට පලදේ

  8. saman says:

    සොහොන් ලකුණු පහළවෙමින් පවතිනවා. රහස් ඡන්දයක් පැවතුනොත් නියමයි

Main News