‘වැඩි වෙනකොට වැඩිවෙනවා.. අඩු වෙනකොට අඩුවෙනවා..’ මංගල හෙලි කල ඉන්ධන මිල සුත‍්‍රය මෙන්න..

September 12, 2018 at 3:00 pm | lanka C news
‘වැඩි වෙනකොට වැඩිවෙනවා.. අඩු වෙනකොට අඩුවෙනවා..’ මංගල හෙලි කල ඉන්ධන මිල සුත‍්‍රය මෙන්න..

රජය විසින් ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලද්දේ ලෝකය සෙසු රටවල් අනුගමනය කරමින් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

ඒ අනුව බොර තෙල් මිල ඉහළ යද්දී ඉන්ධන මිල ඉහළ යන බවත් බොරතෙල් මිල පහළ යද්දී ඉන්ධන මිල පහළ යන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

පසුගිය රජය විසින් බොර තෙල් මිල ඉහළ ගිය ද පහළ ගිය ද ඉන්ධන මිල ඉතාමත් ඉහල තත්ත්වයක පවත්වාගෙන ගිය බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

අදටද රටේ භාණ්ඩ මිල රාජපක්ෂ පාලන සමයට වඩා අඩු බව ද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කටුනායක ගුවන් තොටුපලේ දී පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් අමතමිනි.

මුදල් අමාත්‍යවරයා මේ ඉන්ධන මිල සූත්‍රය කවරාකාරදැයි සම්බන්ධයෙන් යම් හෝ අදහස් දැක්වීමක් කළ මුල්ම අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත් ඉන්ධන මිල සූත‍්‍රය කුමක්දෙැයි මේ වන තෙක් ප‍්‍රසිද්ධියට පත් කර නැත.

119 views
Main News