පගා මරුවන් අල්ලන්න බුද්ධි අංශ යෙදවේ… දුටු තැන අත්අඩංගුවේ..

January 1, 2020 at 9:20 am | lanka C news
පගා මරුවන් අල්ලන්න බුද්ධි අංශ යෙදවේ… දුටු තැන අත්අඩංගුවේ..

රජයේ ආයතනවලින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ අල්ලස් ගෙන නීතිවිරෝධී ලෙස එම කටයුතු ඉටු කර දීමට මැදිහත් වන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මතයි.

මෙම මෙහෙයුමට බුද්ධි අංශ සහ විශේෂ පොලිස් කණ්ඩායම් එක්වී සිටී.

මෑතකදී වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තැරැව්කරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත්තේ එම මෙහෙයුම මඟිනි.

ජනතාවගෙන් චෝදනා එල්ල වන ආයතන බොහෝ ප්‍රමාණයකට මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර බුද්ධි නිලධාරීන් යෙදවීමට නියමිතය.

293 views

27 Comments to “පගා මරුවන් අල්ලන්න බුද්ධි අංශ යෙදවේ… දුටු තැන අත්අඩංගුවේ..”

  1. Tharanga says:

    No 1, Sri Lanka custom, if this can do soon , Sri Lanka will be a developed country soon

  2. sunimal says:

    රටේ සැම නගර සබාවක් ලග ඉන්න අල්ලස් කාක්කෝ ටික සෝදිසි කල යුතුය

  3. කමල් says:

    ගෝඨාභය ජනපතිතුමනි, 

    ටයි දාගෙන ඒන නිලධාරීන්ගේ පැටිකිරියත් බලන්න. රට ගැන හිතන නිලධාරීන් හදුනාගන්න ශක්තිය ලැබේවා! ‌‌මැවිල්ල, කථාව මිස වැඩ බැරි ටාසන්ලා පන්නමු

  4. වරදට දඬුවම නියතයි says:

    නියමයි, විශ්ව විද්‍යාල වලට නවක සිසුන් ඇතුලත්කරන කොට නැවේම දාල 20-30 පල පුරුදු තරුණ ඔත්තුසේවා නිලධාරීන් සෙට් එකක් බැස්සුවොත් තරඟෙට රැග් සැලසුම් කරන පෙරට්ටෝ සහ JVP හොට්ටෝ සෙට් එකම වීඩියෝ කරලා සාක්‍ෂි ඇතුව ගෝණි පිටින්ම අල්ලන් එන්න පුළුවන් වේවි. අසරණ ළමයින්ට අධ්‍යාපනය කඩාකප්පල් නොවී කරගෙන යන්න පුළුවන් වේවි.

    • වෙසමුණි says:

      ඉතාම වටින අදහසක්. කල යුතුම දෙයක්.

  5. 18 කනුව says:

    නගරයේ තියන ආයතන වල ප්‍රචාරක පුවරු තහනම් කිරීම තමයි මීගමු නගරාධිපතිගේ මහා ව්‍යාපෘතිය. හැබැයි අප්‍රසිද්ධ ක්‍රමවේදයක් ඔස්සේ ප්‍රචාරක පුවරු සවිකරගන්නත් පුළුවන්. නාගරික කොමසාරිස් හරහා නීත්‍යනුකුලව කරනවාට වඩා හතර ගුණයක් විතරයි වියදම. වෙනස 25% නගර සභාවට, 75% නගරාධිපතිට.

    • බිල්ල says:

      පව් අසරණ මනුෂ්‍යා සොච්චම් ගානක් හොයාගන්න එකට වල කපන්න එපා.

  6. Kushani says:

    ඔක්කොටම ඉස්සෙල්ලා පොලිසියේ ජරාව ගන්න එක නවත්තලා ඉන්දිමුද? පොලිස් කාන්තාවන්ට ඉස්තාන මාරුවක් ගන්න පොලිස් විනය හා කලක්‍රියා අංශයේ අද්යක්ෂක ලිංගික අල්ලස් ඉල්ලනවා

    • ඉසුරු says:

      කුශානි, අදාළ ඇමති වරයාට දැනුම්දෙන්න

  7. john the baptice says:

    ආගමන විගමන ලග ඉන්න හොර සහතික කරුවන් මුලින් අල්ලන්න

  8. maduahanka says:

    RMV eke H building eke 2 weni counter eke inna sandya miss patta horek, othana athula learners eke inna ranuka kiyana eka tamai set karanne 4500k gannawa

  9. Retta says:

    රේගුව
    පොලීසිය
    RMV
    පරිසර අදිකාරිය
    භූ විදයා හා පතල්
    සුරාබදු
    ආදායම් බදු .

Main News