‘වැඩ කරන අපේ විරුවා..’ ජනපති මාසයක් දුන්නත් RMV දවසින් හැදේ… රියදුරු බලපත් දෙන වේලාව SMS මගින්.. වෛද්‍ය පරීක්‍ෂණ රජයේ රෝහලෙන්..

December 28, 2019 at 12:00 pm | lanka C news
‘වැඩ කරන අපේ විරුවා..’ ජනපති මාසයක් දුන්නත් RMV දවසින් හැදේ… රියදුරු බලපත් දෙන වේලාව SMS මගින්.. වෛද්‍ය පරීක්‍ෂණ රජයේ රෝහලෙන්..

රියදුරු බලපත‍්‍ර ලබා දීමට අවශ්‍ය වන වෛද්‍ සහතාකය රජයේ රෝහල්වල නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත.

පසුගියදා වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුනු ජනාධිපතිවරයා ජනතාව මුහුණ දෙන ගැටළු සදහා පිලියමක් ලෙස මෙම වැඩපිළිවෙල අරඹා ඇත.

රියදුරු බලපත‍්‍ර ඉල්ලුම් කිරීමෙන් පසු එය ලබා දෙන වේලාව කෙටි පණිවුඩයක් මාර්ගයෙන් දැනුම් දීමටද දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ජනාධිපතිවරයා එදින කියා සිටියේ මාස දෙකක් ඇතුලත අදාල ගැටළු සදහා විසදුම් අවශ්‍ය බවත් ඒ කාලය තුල තමන් නැවත නිරීක්‍ෂණයට එන බවත්ය.

404 views

34 Comments to “‘වැඩ කරන අපේ විරුවා..’ ජනපති මාසයක් දුන්නත් RMV දවසින් හැදේ… රියදුරු බලපත් දෙන වේලාව SMS මගින්.. වෛද්‍ය පරීක්‍ෂණ රජයේ රෝහලෙන්..”

  1. ක්ෂේතිය says:

    රජයේ රෝහල් වලට ඔය දේ කරන්න ඉඩ දෙන්න එපා, හොරකම වැඩිවෙනවා, ප්‍රම්තිය අඩු වෙනවා. එයින් රිය අනතුරු වැඩි වෙනවා. අනික රජයේ රෝහල් තියෙන්නේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කිරීමට, දැනටමත් පිරිලා ඉතිරලා රජයේ රෝහල්. සල්ලි ගන්න පටන් ගත්තහම පස්සේ බෙහෙතුත් සල්ලිවලට දෙන්න ආසාව ඇතිවෙනවා.

    • Dehiwala kollaa says:

      ඔයා RMV මෙඩිකල් අල්ලස් කුක්කෙක් නේද?

  2. Driver tin tin says:

    RMV වෛද්‍ය පරීක්ෂණ වල දී මිනිසුන් අව්වේ පැයගනන් පෝලිමේ තියල බොරු රශ් එකක් මවලා යටින් වැඩේ කරල දීලා දවසකට දාස් ගානක් හම්බ කරපු, එතන ලොක්කා ගේ සිට සොක්කා දක්වා උන් ගේ අල්ලස් ආදායම ඉවරයි.

  3. Max says:

    How long should Sri Lankans wait to see actions of Gotabaya? Can they rely on news items only without actions? Hope this administration is different from the others. Wish to advise government that time is running out.

    • David Milli-banda says:

      Max… provide a strong parliamentary vote to the SLPP if you want to see the real work.
      Strengthen the hand of Gotabaya.

  4. Fernando says:

    Excellent work by HE

Main News