වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න..

March 11, 2019 at 3:00 pm | lanka C news
වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න..

‘ඉවසුවා ඇති ’ යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ (2019.03.08) මහනුවර නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.

රැලිය අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පරගැති වැඩ බැරි හොරු පිරි ආණ්ඩුවට ගෙදර යන්න තියෙන්නේ තව මාස හතක් පමණයි. අපි දැන් ඉන්නෙ මාර්තු මාසයේයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොවැම්බර් 9 වැනිදාත් දෙසැම්බර් 9 වැනිදාත් අතර අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. පුංචි ඡන්දය කල් දැම්මේ කොට්ඨාස සීමා නිර්ණය ගැන කියලයි. පළාත් සභා මැතිවරණය කල් දමා තියෙන්නෙත් කොට්ඨාස සීමා නිර්ණය ගැන කියලයි. සීමානිර්ණ කොමිසම දාලා පාර්ලිමේන්තු ඡන්දය කල් දමන්නට ඉඩ තියෙනවා. නමුත් ලංකාවම එකම කොට්ඨාසයක් වෙන ජනාධිපතිවරණය සීමානිර්ණ දාලා කල් දමන්නට බැහැ. ඒ ජනාධිපතිවරණයට කවුරු ආවත් කොහොම ආවත් දිනන්නෙ අපි කියන එක අපි බය නැතුව කියනවා.

රනිල්ට ඕනෑනම් රනිල් එන්න, කරූට ඕනෑනම් කරූ එන්න, සජිත්ට ඕනෑනම් සජිත් එන්න. ඔය කවුරු ආවත් දිනන්නේ අපි කියන එක නම් අපි බය නැතුව කියනවා.

ආණ්ඩුව ගෙදර යැවීමේ මහජන රැල්ලක ආරම්භය අපි මේ කන්ද උඩරටට ගෙනැවිත් තියෙන්නේ ඇයි? මේ කන්ද උඩරට සිටින්නේ ඓතිහාසික විරුවන් පිරිසක්. එදා විමලධර්මසූරිය රජතුමා පිටි පස්සේ වැටිලා දන්තුරේදී පෘතුගීසීන්ට ලෝක ඉතිහාසයේ ම අමතක නොවන පාඩමක් ඉගැන්වූ වේ ඔබ. ඒ වගේම සෙනරත් රජතුමන්ගේ පිටුපසින් වැටී බලන දී බලන ඇළ දොළවල් පෘතුගීසි රුධිරයෙන් රතු පැහැයට හැරෙව්වේ ඔබ. දෙවන රාජසිංහ රජතුමන්ගේ පිටුපසින් වැටිලා ගන්නෝරුවේදී පෘතුගීසීන් පරාජය කරලා කොළඹට යන තුරු ඔවුන්ට පහරදෙමින් එළවා දැමුවේ ඔබ. පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් මෙරටට ආවා. ඔවුන් මුළු ලෝකයම ජය ගෙන තිබුණත් අපේ මුහුදුබඩ පලාත් අල්ලාගත්තත් කන්ද උඩරට අල්ලා ගන්නට ඔවුන්ට නොහැකි වුණේ ඔබේ වීරකම, ධීරකම,ශූරකම නිසයි.

මව්බිම මේ දෙවන දොන් ජුවන් ධර්මපාල ගෙන් නිදහස් කරගැනීමේ ඓතිහාසික අරගලය මේ කන්ද උඩරටින් අප අරඹන්නේ උතුම් දළදා වහන්සේ වැඩ සිටින නිසා මෙන්ම වීරෝදාර ජනතාවක් වන ඔබ කන්ද උඩරට සිටින නිසායි. ඒ නිසා අදින් මේ ආරම්භ කරන අපේ අරගලය අපේ ජයග්‍රහණය ලබා ගන්නා තුරු, රටේ ජයග්‍රහණය ලබා ගන්නා තුරු, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට නැවත රට බාර දෙන තුරු නතර කරන්නේ නෑ කියන ප්‍රතිඥාව අප ඔබට ලබාදෙනවා. ඒ වගේම ඒ අරගලයේ සජීවී පාර්ශවකරුවෙක් වෙන්න කියලා මම තමුන්නාසේලාට ආරාධනා කරනවා.

– අරවින්ද අතුකෝරල

20,904 Viewers

18 Comments to “වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න..”

  1. දීඝ ජන්තුවා says:

    පාර්ලිමේන්තු හොරු ඔක්කොම හිරේ ඉන්න ඕනේ. කුඩි විකුණන පාර්ලිමේන්තුව බේරගන්න ජන්ද තියනවා. ඔයාලගේ ලොකු තාත්තා තමයි බැදුම්කර හොරකමේ පලමු සැකකරු.

    තට්ටු මාරු ක්‍රමේට රොටිය පුච්චගමුද මහත්තයෝ? එහෙම නේද මෙච්චර කල් ආවේ. හැබැයි ඒකට මේ රටේ ජනතාව දැන් සූදානම් නෑ!

    ඔබ වැස්සට තුඹසෙන් එලියට එන නාගයෙක් බදුය.කෙලවුනාම සිංහල කම මතක් වෙන්නේ.සිංහල නායකයෙක් වෙන්න ඔබට බැරි ප්‍රතිපත්තියක් නැති නිසා.

    • වෙලුසුමන says:

      මෙන්න චම්පිකයගෙ පඩියට කමෙන්ට් කොටන පරයෙක් ඇවිත්. චම්පික යා තමයි දොන් ජුවාන් ට සිංහල ජාතිය පාවා දුන් එකා

    • මායාදුන්න says:

      අද ජනතාව විශ්වාස කරන එකම නායකය උදය ගම්මන්පිල , එදා තව කට්ටිය හිටිය,මුදල බලයට මුලු ජාතියම පාවාදීල ජාතීන් අතර ගැටුම් ඇතිකරපු අය ජනතාව හොදට අදුරනවා.සුදු රෙද්දට වසන් වෙලා ධර්ම රාජ්‍ය බිහිකරන්න ආපු අය,අද සුමන්දිරන් සම්බන්දන් එක්ක එකට රට ගොඩනගන්ඩ ඉදිරිපත් වෙලා ඉන්නවා,ඇත්තටම ඒවගේ අය එක්ක ගත්තහම මෙතුමා සිංහලයට සැබෑ නායකයෙක්.

  2. එක්නැලිගොඩ says:

    විධායකය ජනපති ක්‍රමයෙ සැබෑ වාසිය රටට කියූ උදය ඔබට ස්තුතියි

  3. 20 එපා says:

    උදයගෙ කතාව හරි. ගෙදර යන්න වෙන නිසා තමයි විධායකය අහෝසි කරල දාන්න රනිල්ල සැරසේනනේ. ඒත් පොහොට්ටුවේ සමහරුත් ඇයි මේ උගුලට අහුවෙන්නේ

  4. විශ්ව says:

    උදය විමල් වාසු දිනේෂ් එකතුව මේ වෙලේ සවිමත් වෙන්න ඕනෑ. මොකද මහින්ද මහත්තයට දිරච්ච ලනුදෙන්න ගොඩක් අය මේ වෙලේ උත්සහ කරනවා.

  5. රංජි says:

    ජය ‌වේවා!

  6. ගමේ සවිය says:

    ජය මැතිතුමනි. රටේ අනාගතය වෙනුවෙන් කැපවෙන ඔබට ජය.

  7. gadol says:

    මේ රජයේ ඉන්න අලිබබා සහා හොරු 98 දෙනා පන්නමු

  8. Amal says:

    ඒකට කීය ගනේද එකතු කරන්න ඕන 100 ක් මදි නේද අනේ පල්ඩෝ යන්න. ඔය කවුරු ආවත් දිනන්නේ අපි කියන එක නම් අපි බය නැතුව කියනවා. ඒ පාර ජානදිපතිලා කීදෙන්ක්ද

    • එක්නැලිගොඩ says:

      සීයට නෙමෙයි තොපිට ඇප නැතීවෙන්නම දුන්න නෙද පුංචි චන්දෙදි. හොර රනිලයි කරුමයයි නිදන් හොරයි එකට තියලා පරද්දනවා

  9. වසන්ත says:

    ගම්මයි විමලූයි තමයි මෙ වෙලෙත් ගොටා වෙනුවෙන් කෙලින් ඉන්නේ. දැන් ජවිපෙ යි පොහොට්ටුවෙ බැසිල් පිලයි එකට එකතුවෙලා මෙම දෙන්නට කෙලින්න තමයි හදන්නේ. ගොටා වාගෙම ගම්මයි විමලූයි ආරක්ෂා කර ගැනීම ප්‍රගතිශීලී අපෙ යුතුකමක්

  10. රට වෙනුවෙන් says:

    විධායක ජනාධිපති ක්‍රමය රැගෙන ගොටාභය ජනපති කරන්න සැබෑ අවශ්‍යතා වය තියෙන්නේ විමල්ටයි උදයටයි මහජනතාවටයි විතරයි. පොහොට්ටුවෙ නායකයින් කියා ගන්න බොහොදෙනෙක්ට එහෙම උවමනාවක් නෑ.

  11. Buddhist says:

    Ane kawda shares horakam kare?

  12. Aurora says:

    නියම දේශප්‍රේමී ප්‍රතිපත්ති සහ ක්‍රමවේද ස්ථාපිත කලොත් මේ රට දියුණු කරන්න ගතවෙන්නේ වසර 4-5 අතර කාලයක් පමණි. ඒ සදහා නියම චරිතය ගෝඨාභය රාජපක්ෂ පමණි. තමුන් කරන ඕනෑම වසල වැඩක් යටගහගන්න උදව්කරන ක්‍රමවේද පතන මන්ත්‍රීවරු අපට කුමටද? ගෝඨාභය හට අකමැති ඒ වසල වැඩ කරන මන්ත්‍රීවරුය. ඒ ඒ වෙලාවට වැඩේ බලලා ක්‍රියාත්මක වන නායකත්වයකින් රටට ඇති පලේ කුමක්ද? මානුෂිකයි කියමි එක් එක් අයට ඕනෑ විධියට නොවේ සියලුම දෙනාට එක ලෙස ක්‍රියාත්මක වන නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණක් බවයි මගේ විශ්වාසය.

    • Nuwan says:

      මේ කතාව යම්තාක් දුරකට පිළිගන්න පුළුවන්. නමුත් මහින්දට ගෝටා සම්බන්දයෙන් තිබෙන සැකයත් මේකය් . මහින්ද කියන්නේ වෘත්තීය දේශපාලකයෙක්. බැසිල් කියන්නෙත් එහෙමය්. චන්ද එකතු කරනකොට මොකා එක්ක හරි ඩීල් දාල , පොඩි එකා, ලොකු එකා, අවංක එකා, හොරා, බේබද්දා, වනචරයා, වමාන්ශිකයා, ධනවාදියා වේවා චන්ද ගන්නවානම් එයාල ලංකර ගන්නවා. ආසන දිනන්නේ නැතුව කොහොමද ආණ්ඩු ගන්නේ? නමුත් ගෝට එහෙම නෑ . වැඩ කරන්නේ නැති එකා , හොර ගහන එකාට කනට දෙකක් ගහල එලියට දාල ලංකාවේ දේශපාලනය තියා ටියුෂන් පන්තියක්වත් කරන්න පුලුවන්ද? තමන්ගේ අරමුණ කරා කඩන් බිදගෙන ගිය ගෝට යුද්දයේදී වගේම නාගරික සංවර්ධනේදී කී දෙනෙක් තරහ කරගත්තද? අන්තිමට ඔය දෙතැනදීම බහුතරයට මොනතරම් යහපතක් උනත් ඔය හිත රිදුනු සුළුතරය ආණ්ඩුව පෙරලුවේ නැද්ද?

  13. MJC says:

    ගෝඨාභය සර් එනවනම් අපි ඕනෑ දේකට ලෑස්ති .බැසිල් නම් අපිට එපා

  14. මායාදුන්න says:

    2020 අලුත් බලාපොරොත්තුවක් වෙනුවෙන් ගෙනයන වැඩපිලිවෙලට අප සියලුදෙනාගේම ආශිර්වාදය හිමිවෙනවා,මේ වැඩබැරි ආණ්ඩුව අපිට කොකා පෙන්නලා,මහබැංකුව මහදවල් කොල්ලකාල,ට්‍රිලියන ගණනක් වන්චාකරල ,දැන් සිරිකොත ගමට ගේනවලු,පාක්ෂිකයිනි මොක්කු කියල හිතන් ඉන්නවද මන්ද….
    උදය ගම්මන්පිල මැතිතුමනි රටේ ජනතාවගේ එකම ප්‍රාර්ථනාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා …

Main News