වැඩ වර්ජනය කල ලංවිම සේවකයින් තුන්දහසක් එකවර සේවයෙන් නෙරපති…
September 20, 2017 at 6:26 am | lanka C news
වෘත්තීය ඉල්ලීම් කිහිපයත් මුල් කර ගනිමින් වැඩ වර්ජනයේ නිරත වන ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් 3000ට වැඩි පිරිසක් වහාම ක්රියාත්මක වන ලෙස සේවයෙන් පහ කර දැමීමට ලංවිම පාලන බලධාරීන් තීන්දු කර ඇත.
ඒ අනුව මෙසේ රැකියාවෙන් නෙරපා දමනු ලබන්නේ අනියම් කම්කරු, කාර්යාල කාර්ය සහායක, අයපත්කරු ආදී තනතුරු කිහිපයක පිරිස්ය.
ඊයේ පස්වරුවේ සිටම එම පිරිස් වෙත සේවය හැර ගියා සේ සලකා ලිපි නකුත් කිරීම ආරම්භ කර ඇත.
මෙසේ ඉවත් කරනු ලබන සේවකයන් වෙනුවට කඩිනමින් නවක සේවකයන් බලවා ගැනීමටද ලංවිම තීරණය කර තිබේ.