වැඩ වර්ජන නවතා සේවයට එන්නැයි ඉල්ලයි..

September 30, 2016 at 8:02 am | lanka C news
වැඩ වර්ජන නවතා සේවයට එන්නැයි ඉල්ලයි..

හෘද පෙනහළු නිෙවිෂක සේවාෙවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට අදාල ඉල්ලීම් ලබාදීමට පියවර ගෙන ඇති බැවින් වෘත්තීය ක‍්‍රීයාමාර්ගය අත්හිටුවා සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා හෘද පෙනහළු නිෙවිෂක නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

රජයේ හෘද පෙනහළු නිෙවිෂක සංගමයේ සභාපති මංගල ජයසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය ලේකම්වරයා මෙම ඉල්ලීම ඉල්ලා ඇත. අනෙකුත් සේවාවන්ට ලබාදෙන විශේෂ රාජකාරී දීමනාව හෘද පෙනහළු නිෙවිෂක නිලධාරීන්ට ලබාදීමටත්, අතිකාල දීමනා ඉල්ලීමට අනුකූලව අවශ්‍ය නිර්දේශ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සහ ජාතික වැටුප් කොමිසම වෙත යොමු කර ඇති බවත්, එම ලිපියේ සදහන් වෙයි. 2015.09.18 දිනැති ගැසට් නිෙවිදනයෙන් කරන ලද සංශෝධනය ඉවත් කිරිමට ද සෞඛ්‍ය ලේකම්වරයා එම ලිපිය මගින් පොරොන්දු වී ඇත.

ඒ අනුව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවා සේවයට වාර්තා කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා එම නිෙවිෂක නිලධාරින්ගෙන් ඉල්ලා සිටි. මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද රජයේ හෘද පෙනහළු නිෙවිෂක සංගමය වෙත ලිපියක් යොමු කර ඇත. එම ලිපියේ ද දැක්වෙන්නේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට අදාල ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා බවයි.

2006/6 චක‍්‍රලේඛය අනුව වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ ජාතික රෝහල, කරාපිටිය සහ මහනුවර ශික්ෂණ රෝහල්වල හෘද පෙනහළු නිෙමිෂකයින් පසුගිය සදුදා සිට වර්ජනයක නිරතවී සිටිති.

– නිපුන් ඒකනායක

12 views
Main News