‘වැඩ වෙන ආකාරයට අපිට ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ..’ මැතිවරණ කොමිසම ඒකමතිකව තීරණය කරයි.. මෙය සත්‍ය නම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි – නීති විශාරදයන්…

November 27, 2017 at 3:26 am | lanka C news
‘වැඩ වෙන ආකාරයට අපිට ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ..’ මැතිවරණ කොමිසම ඒකමතිකව තීරණය කරයි.. මෙය සත්‍ය නම් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි – නීති විශාරදයන්…

‘පසුගිය දා රැස්වු ස්වාධීන මැතිවරණ කොමිසමේ සමාජිකයින් ඒකමතිකව තීරණය කලා අභියාචනාධිකරණය ප්‍රශ්නය බල නොපාන සභා 133 ක ඡන්දය සඳහා 27 වෙනිදා සිට නාමයෝජනා කැදවන්න. ඒත් ජනාධිපතිවරයා විසින් එම ගැසට් පත්‍රය මුද්‍රණය කොට නිකුත් කිරිමේදී සිදු කල දෝෂයක් නිසා සභා 40 ඡන්දය 27 වෙනිදා කැදවීමට නොහැකිය’ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කලේ ය.

ආණ්ඩුව විසින් එම දෝෂය නිවැරැදි කොට 27 වෙනිදා අලුත් ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයාගේ අත්සනින් මුද්‍රණය කොට නිකුත් කරන බවට පොරොන්දු වුවා, ඒත් මේ වැඩ වෙන ආකාරයට අපිට ඒ ගැන ගැන විශ්වාසයක් තැබීමට නොහැකි පරිසරයක් නිර්මාණය කොට ඇති නිසා සභා 133 වෙනුවට සභා 93 ක මැතිවරණය සඳහා 27 වෙනිදා එනම් හෙට සඳුදා සිට නාමයෝජනා කැදවන බව හෙතෙම පැවසීය.

නිදහසින් පසුව ශ්‍රීලංකාවේ මැතිවරණ පැවත්වීම සම්බන්ධව ආණ්ඩුවේ එරෙහිව කෙරුණු ප්‍රබලතම චෝදනාව මෙය වේ. ඒ මෙරටේ මැතිවරණ භාර රටේ සිටින ඉහළම පුද්ගලයාගෙනි.

ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනතාව වෙත ප්‍රසිද්ධියේ මෙසේ පැවසීම විෂය භාර අමාත්‍යවරයා පමණක් නොව සත්‍ය වශයෙන් මුලු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු ඉතා භායනක චෝදනාවකි.

එනම් ජනතා පරමාධිපත්‍යය මෙම රජය විසින් හිතාමතාම සොරකම් කොට ඇති බැව් එයින් හැගෙන බැවින් බව නීති ක්ෂේත්‍රයේ විශාරදයන්ගේ මතය වේ.

වීඩියෝව මෙතනින්

9 views
Main News