වැන් රථයක් පල්ලමකට පෙරලේ.. 08 දෙනෙක් රෝහලේ..

April 18, 2019 at 5:30 pm | lanka C news
වැන් රථයක් පල්ලමකට පෙරලේ.. 08 දෙනෙක් රෝහලේ..

ගාල්ලේ සිට හැටන් දක්වා ධාවනය වු වැන් රථයක් හැටන් වටවල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත 8 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

රෝහල්ගත කල අයගෙන් දෙදෙනෙකු වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රොහල වෙත මාරු කර යවා ඇත.

ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍යය උත්සවයකට සහභාගි වි යලිත් හැටන් දක්වා  වැන් රථය ධාවනය කරවන අවස්තාවේ අද (18) උදැසන මෙම අනතුර සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසුවේය.

මර්ගයෙන් ඉවතට පැන ඇති වැන් රථයඅඩි 10 පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් ඉදි කරමින් පවතින නිවසක් අසල නතර වි ඇත.

ධාවනය වෙමින් තිබු වැන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හෝ වැන් රථයේ රියදුරා නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවට අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකකරයි.

වැන් රථය අනතුරට පත් වන අවස්තාවේ වැන් රථය තුල නව දෙනෙකු ගමන් කර ඇති බවත්, වැන් රථයේ ගමන්ගත් සියළු දෙනාම හැටන් ප්‍රදේශයේ පදංචිකරුවන් බව වටවල පොලිසිය  පැවසුවේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

156 views
Main News