වැන් රථයක් ප්‍රපාතයකට පෙරලේ.. පහක් රෝහලේ..

August 4, 2019 at 5:30 pm | lanka C news
වැන් රථයක් ප්‍රපාතයකට පෙරලේ.. පහක් රෝහලේ..

බලන්ගොඩ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ දි වැන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් කල පස් දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි දරැවන් දෙදෙනෙකු ,කාන්තාවන් දොදෙනෙකු සහ වැන් රථයේ රියැදුරු බව පොලිසිය පවසයි .

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් බෙලිහුල්ඔය ප්‍රදේශයේ දි වැන් රථය මෙලෙස ප්‍රපාතයකට පෙරලි තිබෙි.

අනතුරින් තුවාල ලැබු අයගේ තත්ත්වය බරපතල නොවන බවද බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිිය.

අනතුර සමිබන්දයෙන් සමනල වැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ නිළධාරීන් විසින් පරික්ෂණ පවත්වයි.

– බලන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

6,112 Viewers
Main News