වැපිරූ දේ නෙලයි.. මෛත‍්‍රි තට්ට තනිවෙයි.. රාත‍්‍රී භෝජන සංග‍්‍රයට බලුකපුටෙක්වත් නෑ.. සියල්ල අතැර එංගලන්තයට යන්න වීසා ගනී..

December 7, 2019 at 10:12 pm | lanka C news
වැපිරූ දේ නෙලයි.. මෛත‍්‍රි තට්ට තනිවෙයි.. රාත‍්‍රී භෝජන සංග‍්‍රයට බලුකපුටෙක්වත් නෑ.. සියල්ල අතැර එංගලන්තයට යන්න වීසා ගනී..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය සති අන්තයේදී සූදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු සහභාගි නොවූ බව වාර්තා වෙයි.

පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට අතිශය සමීප ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු හැර වෙනත් කිසිවෙකු පැමිණ නොසිටි බව දැනගන්නට ඇත.

සිරිසේන මහතා වෙනුවෙන් එදින දහවල් පැවති උත්සව කටයුත්තක් සඳහා ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පමණක් ශ‍්‍රීලනිපය වෙනුවෙන් සහභාගී වී සිට ඇත.

මේ අතර වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවට පාර්ලිමේන්තුවට තෝරා පත් කරන ලද කිසිදු හිටපු ජනාධිපතිවරයාගේ දුරකථන ඇමතුමකට හෝ ප්‍රතිචාර නොදක්වන බවයි.

ඇතිව තිබෙන තත්වය මත හිටපු ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයන්ද සමගින් මාස දෙක තුනකට විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටී.

දීර්ඝ කාලීන නිවාඩුවක් ගත කිරීම සදහා ඔහු එංගලන්තය බලා යාමට සැලසුම් කර ඇති අතර ඉදිරියේදී දේශපාලනය කරන ආකාරය ගැන එම කාලයේදි තීන්දු කරනු ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් පෙනි සිටිය අතර මහජනතාවද විශාල වශයෙන් ඔහු සමග එක්විය.

ඒ මහතාට මුල් කාලයේදී විශ‍්‍රාමික ජනාධිපති නිල නිවසක් හෝ යහපාලනය විසින් ලබා නොදු අතර කොළඹ කටයුතුවලට සහභාගී වූයේ නුගේගොඩ සිය සොයුරියගේ නිවසේ සිටයි.

102,505 Viewers

26 Comments to “වැපිරූ දේ නෙලයි.. මෛත‍්‍රි තට්ට තනිවෙයි.. රාත‍්‍රී භෝජන සංග‍්‍රයට බලුකපුටෙක්වත් නෑ.. සියල්ල අතැර එංගලන්තයට යන්න වීසා ගනී..”

  1. Dilshan says:

    Sirisena proved to be a dirty man. Dirtiest of dirty man. He wanted to support Sajith according to some professor. Sirisena was going to support a person who could have betray our country race and religion. He’s self centered man for him country race religion got no value.
    We should never allow this dirty man in to politics for he can destroy this country agin

    • SAKKILIYA says:

      Sirisena is a real SAKKILIYEK

      • sayumi says:

        කල දේ පල දේ.

        • Rata Wenuwen says:

          ආප්පයෝ ! තන්හා ජායතී ශෝකෝ, විශ්‍රාමගියානම් වෙල් ඉපනැල්ලට ගොස් විවේක සුවය ගතකරනවා හොලෝ, මැස්සාගෙ චරිතය රඟපාන්නේ නැතුව. අම්මගෙ අප්පගෙ බූදලෙන් වියදම් කරනවා වගේ,තවමත් හිතාගෙන ඉන්නෙ , තවත් කාපිය රට.

        • Amda says:

          Karma is a bitch ,,appayo

          will never forget what he said and did

      • Rata Wenuwen says:

        අහෝ දුකයි ආප්පයාට වෙච්චදේට,
        තට්ට තනියම නැත සජියගේ වටේට,
        කැරකෙන හිටන් චන්දෙ ඉල්ලන්නට,
        තල්ලු කර දාමුද මූ යමලොව දොර ලඟට

    • Anju says:

      Fully agree. Sira has been a traitor to SriLanka on many occasions. He thinks of only himself.
      – Dissolved parliament to save Bond scam thieves
      – Betrayed Mahinda, Slfp party for his own benefit to become President
      – Turned a blind eye when Mangala, rajitha, ranil, etc etc sold our assets, hunted war heroes.
      List is endless.

  2. Nim says:

    MY 3
    RATATA KALA WENASE TA
    OYA PALADENA
    PATAN GATHTHA PAMANI.

    • 👀 බස කන ලමය 👀 says:

      ලමයෝ….
      ඔයා ලියන දෙය එක්කො සිංහල භාෂාවෙන් ලියන්න නැතිනම් ඉංග්‍රීසි බසින් ලියන්න..
      ඔය ලියන කිසිවක් අපි කියවන්නේ නැහැ ලමයෝ…😈😈

  3. Asoka Liyanage says:

    මොන තරම් බොරු විදලාද ඔය තතතුර ගත්තේ. ඒකත් කමක් නැහැ කියමුකො. රටේ සම්පත් පිට රටියනට දන් දීලා රට කඩන මිලේනියම් ගිවිසුම අත්සන් කරන්න අනුමත කර එයට අල්ලස් ලෙස කෝටි 800 නිවස අරගෙන රටක නායකයෝ කරන්න හෝ නොතිතු දේවල් කළ මේ පාහරයා ට ඔහොම නොවෙයි පව පලදිය යුතු වන්නේ.

  4. Manel says:

    A lesson for other leaders too. You may cheat others but your heart knows better. I like the heading. “Harvest what you saw’/

    • sinha le says:

      කොටි ඩයස් පෝරාවෙන් වෙන් උදව් ගන්න යනවද ? ඔහුව වහාම අත් අඩංගුවට ගෙන කලපු දුෂණ වංචාවලට දඩුවම් ලබා දෙනු
      පොළොන්නරුවේ සරල ගමරාල දැන් නිවාඩු ගත කරන්නේ එංගලන්තේ ….හික් හික්… රැජින ග්ලවුස් නැතුව ගමරාලට අත දුන්න නිසාද ?කොහෙන්ද මේ තරම් මුදල් ?

  5. චුටි බබා says:

    ඔය මහගමසේකර මාවතේ ගෙය ගන්නකො ඔකාගෙන්. ඌට පොලොන්නරුවේ මාලිගාවක් තියෙන්නේ.

  6. lanka says:

    Simple guy who said when he retire he goes to Polonaruwa but he is off to uk with his family. How come he became so rich with in 4 yrs? This is very good example to show what type of person he is after all he is keep saying simple & clean not like others. People they are few of them u should never vote he is one of them. So voters make sure u don’t waist your valuable vote electing person like him again.

  7. Nandasoma Suriyaarachchi says:

    මෛත්‍රී සුළඟ…….!

  8. Upul says:

    This is a good lesson to understand that MOST people are behind you only for their own benefits. Once you are powerless, then you become useless for them. This will happen to everybody, even the current famous leaders.

  9. Ravi says:

    The man is doing it in style! The so called simpleton, going to the UK for a couple of months with the family for a holiday!!! Whats the cost? Who pays the bill? From where is the money?

  10. Dalit says:

    Sirsena was an Indian puppet kike Bandas and JRJ. Hope he will be the last.

  11. kamal says:

    අවිද්‍යාව හා කපටිකම තියෙන්නෙ ඒකට නමුත් උත්පත්තිය සදහා හෙතුවන්නෙ කෘර කම හා කපටිකම තමයි. කෘර කම කියන්නෙ තණ්හාවට නමුත් කපටිකම කියන්නෙ අවිද්‍යාවට නමුත් අැත්තෙ ඒකම ඒක මනුස්‍යත්වයයි නමුත් කපටිකම නැති කරලා ඉන්නෙ විසි හය දෙනයි ඒ අය ඔක්කොම ඉන්නෙ ලංකාවෙ බුරුමයෙ ලංකාවෙ තමයි වැඩිපුර ඉන්නෙ නමුත් ඒක්කෙනෙක් ඉන්නවා ඒ තමයි කිරිබත්ෙගාඩ ඤණානන්ද මහ රහත් හිමි නැතිනම් බුදු සසුන ඉවරයි.

  12. Buddhist says:

    He played all sides and at last he trusted the Rajapakses’ and he got ditched. Now the Rajapakses’ do not even want to respect the written agreement with SLFP. Maithree ruined the country, SLFP and UNP. Once he said ” mama yanawanam nikam yanne na” this may be it.

  13. p.d goonawardena says:

    මලදාට මලගෙදරවත් අපි නම් යන්නේ නැහැ…..රට නැත්තමට නැති කල වැඩ බැරි ටාසන් …

  14. David Milli-banda says:

    Facing Retribution

  15. HENA says:

    අහෝ දුකයි ආප්පයාට වෙච්චදේට,
    තට්ට තනියම නැත සජියගේ වටේට,
    කැරකෙන හිටන් චන්දෙ ඉල්ලන්නට,
    තල්ලු කර දාමුද මූ යමලොව දොර ලඟට

    RATA WEDAK NOKARAPU PIMPI RAJANANNA TA OHOMA WELA MADI…

    GEDARA HITU…THAWATH APR SALLI NOKA…

    RATATA HENAYAK WUNU RAJEK

  16. ඉනෝකා වාසල says:

    පැජට් රෝඩ් නිවස රටට අවශ්යි, මූට ඒක දීලා බෑ. හැමෝම මෙතනින් හඬක් නගන්න.

  17. ශ්‍රියානි says:

    පොලොන්නරුව මේකා ඉල්ලුවොත් පරදිනවා. කදුරුවෙලින්, මනම්පිටියෙන් එකෙක් චන්දෙ දෙන්නේ නැහැ මූට හෝ මුගේ දූ ආවොත්. කන්දකඩුව ෆාම් එකත් නැතිකාලේ මේ පාහරයා ඒ පැත්තෙනුත් මූට චන්ද වැටෙන්නේ නැහැ.

Main News