වැරදි වාර්තා නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අනර්ථකාරී බලපෑම්..
December 2, 2018 at 8:02 am | lanka C news
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
කරුණු පැහැදිලි කිරීම
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත මෑතත දී විශේෂ පත් කිරීමක් සිදු කරනු ලැබ ඇතැයි සඳහන් කරමින් ඇතැම් මාධ්‍ය ආයතනය හා වෙබ් අඩවි කිහිපයක් සත්‍යයෙන් තොර කරුණු අඩංගු පුවතක් පළ කර තිබෙනු දක්නට ලැබිණි.
එම පුවත මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා එහි කළමණාකාරීත්වයේ ගෞරවයට, කීර්තිනාමයට හා විශ්වසනීයත්වයට අනර්ථකාරී බලපෑමක් සිදු විය හැකි බැවින් මෙම කරුණු පැහැදිලි කිරීම යොමු කරමි.
ඒ අනුව,
1. මා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු අද දක්වාම කිසිදු පාර්ශවයක් විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත කිසිදු නව පත් කිරීමක් සිදු කර නොමැති බව, ද
2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කිසිදු නිළධාරියකුගේ පත් වීමක් ස්ථීර කිරීමට පියවර ගෙන නොමැති බව, ද අවධාරණය කරමි.
ඒ අනුව, නිසි පරිදි කරුණු නොදැන සත්‍යයෙන් තොර පුවත් වාර්තා කිරීම තුළින් කීර්තිමත් හා රටේ ඉතාම වැදගත් ආයතනයක් වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත අනර්ථයක් සිදු කිරීමෙන් වැලකී සිටින මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
හේමසිරි ප්‍රනාන්දු
සභාපති
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
ඔය ඔක්කොම මඩ ගැහිලි නඩු තීන්දුව එනකල් විතරයි සභාපතිතුමනි.