වැල්ලවත්තේ කඩාවැටුනු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගනී..
May 21, 2017 at 8:02 am | lanka C news
පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසල කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
64 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ නීතීඥයෙකු මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දිනයේ අධිකරණය හමුවටට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම අනතුර නිසා එක් පුද්ගලයෙකු මරණයට පත්ව 21 දෙනෙකු තුවාල ලැබීය.