වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩා වැටුනේ රාජපක්ෂලාගේ බාල සිමෙන්ති නිසා..- නාමල් රාජපක්ෂ කියයි..
May 19, 2017 at 3:50 pm | lanka C news
වැල්ලවත්තේ සැවෝයි සිනමා ශාලාව අසල මහල් ගොඩනැගිල්ල කඩා වැටුනේ ගිය ආණ්ඩුව සමයේ නම් ඊට හේතුව රාජපක්ෂලා බාල සිමෙන්ති ගෙන්වා කොමිස් ගැසීම බව පවසනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හිරු රූපවාහිනියේ පැවති බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පැවසීය.
ගිය රජය සමයේ මත්කුඩු අසුවෙද්දී ඒ සියල්ල ගේනවූයේ රාජපක්ෂ රෙජිමය විසින් යයි කියූ අද ආණ්ඩුවේ සිටින පුද්ගලයින් අද ගෙන්වන මත්කුඩු කාගේදැයි කිසිත් නොකියන්නේ මන්දැයි ප්රශ්න කලේය.